26 C
Colombo
Monday, April 29, 2024

පකිස්තානයේ දේශපාලනඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

- Advertisement -

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නායකත්වය දරණ පකිස්තාන් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රධානියෙකු වන නාගීස් බාලෝක් වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඒ පකිස්තානයේ ක්වෙටා නුවර බලෝකිස්තාන විශ්ව විද්‍යාලය ආසන්නයේදීයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

නාගීස් බාලෝක්ගේ දරුවන් දෙදෙනා ද මෙම වසර මුලදී වෙඩි තබා ඝාතනය කර ඇත.

පී ටී අයි පක්ෂයේ දේශපාලනඥයින් ඉලක්ක කර මෙවැනි ප්‍රහාර එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

පී ටී ඊ පක්ෂයේ ප්‍රාදේශිය නායකයෙකු ඉලක්ක කර තුවක්කුකරුවන් පිරිසක් ඉකුත් දා එල්ල කළ ප්‍රහාරයකින් ඔහු තුවාල ලබා දිවිගලවා ගත් නමුත් ආරක්ෂක නිලධාරියෙකු මියගියා.

දේශපාලන හා ආර්ථික අර්බුද මධ්‍යයේ පකිස්තානය තුළ නීතිය හා සාමය දැඩි ලෙස පිරිහෙමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එවන් පසුබිමක් අපරාධ කල්ලි විසින් රටතුළ සිදුකරන අපරාධ ද ඉහළ ගොස් ඇත.

ඒ හමුවේ පකිස්තානය අභ්‍යන්තර ආරක්ෂාව අවදානමක පවතින බව ද විදෙස් මාධ්‍ය පවසයි.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...