32 C
Colombo
Saturday, May 4, 2024

ජනපති මැදුරේ ඇඳ ඇතිරිල්ලක් ගත් අයෙකු රිමාන්ඩ්

- Advertisement -

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවී එහි තිබූ ඇඳ ඇතිරිල්ලක් සොරකම් කළේ යැයි අත්අඩංගුවටගත් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඉදිරිපත්කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ සැකකරු ලබන 09 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි.

මේ අතර, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින ළහිරු වීරසේකර හා තවත් සැකකරුවෙක් අද (26) අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව ඔවුන්ද රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදි.

RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...