33 C
Colombo
Monday, April 29, 2024

ඉස්සර රුපියල් ලක්ෂය දැන් වටින්නේ තිස්දාහයි..! – හර්ෂ

- Advertisement -

රුපියලේ අගය විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ, අද(31) පැවැත්වෙන 2022 අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින්.

2021 වසරේ අගෝස්තු සිට 2022 අගෝස්තු දක්වා යමෙක් ඉතිර කර තිබූ රුපියල් ලක්ෂයක මුදල, රුපියල් තිස් දහස දක්වා පහත වැටී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් 70%ක් රාජපක්ෂලා විසින් හොරකම් කරලා කිව්වොත් වැරදි නෑ. අපේ රට අද තියෙන්නෙ මර උගුලක් ළඟ, බිත්තියට හේත්තු වෙලා, බෙල්ල හිරවෙලා, මේ රටේ මිනිස්සුන්ට ඉවසන්න ම බැරි නිසයි අරගලය කළේ.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිකමෙන් එළවලා දැමුවා. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුණා, ගෝඨාභය රාජපක්ෂ එළවලා දැම්මා. කණගාටුයි නමුත් ඒක සිද්ධ වුණා. පොහොට්ටුවයි රාජපක්ෂලයි රට විනාශ කළා. ඒක කියන්න මිනිස්සු බය නෑ!”

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...