26 C
Colombo
Tuesday, May 7, 2024

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වැට් බදු නෑ..!

- Advertisement -

ඉහළ දැමුණු වැට් බදු, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අදාළ නොවන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය පවසනවා.

එසේම, 2019 වසරේදී වැට් බද්ද අඩු කළ අවස්ථාවේදී පාරිභෝගික ජනතාවට සහනයක් නොලැබුණේ නම්, බදු වැඩි කිරීමේදීත් ඒ බර ජනතාව මතට පැටවීමක් සිදුනොවනු ඇති බවයි එහි සභාපති සරත් අබේරත්න පවසන්නේ.

2022 අතුරු අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවරණය කෙරුණු අතර ඒ ඒ ක්ෂේත්‍ර සඳහා ආදායම් උපයාගන්නා සහ වියදම් පියවාගන්නා යෝජනා ඉදිරිපත් කෙරුණා.

මේ අතර, ජල ගාස්තු සියයට 130 කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක වනවා.

අවම ජල පරිභෝජනය වන ඒකක 5 ක් පරිභෝජනය කරන නිවසක් මීට පෙර ගෙවූ රුපියල් 123 ක ජල ගාස්තුව මෙම ඉහළ දැමීමත් සමඟ රුපියල් 448 ක් බවට පත්ව සියයට 264 කින් ඉහළ යනු ලබනවා.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....