32 C
Colombo
Thursday, May 2, 2024

ලසන්ත අනුස්මරණය ගැන ස.ජ.බ කිඹුල් කඳුළු..

- Advertisement -

ලසන්ත වික්‍රමතුංඝ අනුස්මරණ උළෙලට සමගි ජනබලවේගය පක්ෂයක් හැටියට සහභාගී නොවීම වරදක් යැයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ස.ජ.බ මහලේකම්වරයා මේ බව පවසා තිබුණේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයන්ට දඬුවම් කිරීම ප්‍රධාන පොරොන්දුවක් කරගත් යහපාලන ආණ්ඩුව නියෝජනය කළ සමගි ජනබලවේගය ඒ මහතාගේ 12 වැනි ගුණානුස්මරණයට පක්ෂයක් හැටියට සහභාගී නොවීම ගැන ‘ලංකාදීප’ පුවත්පතෙන් ඇසූ පැනයකට පිළිතුරු වශයෙනි.

අනුස්මරණ උළෙලට සහභාගී නොවීම වරදක් වුවත් එය ඔහුව අමතක කිරීමක් නොවන්නේ යැයි පවසන හෙතෙම ජනමාධ්‍ය විපක්ෂය විවේචනයට වඩා ලසන්ත ඝාතන විමර්ශකයන් ගැන සොයාබලනවා නම් වඩා හොඳ යැයි ද අවධාරණය කර ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයේ නිලධාරින්ව සිරගත කර මරණ තර්ජන එල්ල කරන තත්ත්වයක් ඇතැයි ද ජනමාධ්‍ය ඒවා ගැන උනන්දු නැතැයි ද ස.ජ.බ මහලේකම්වරයා පවසා ඇත.

අපරාධ විමර්ශකයන්ට මරණ තර්ජන එල්ල වී ඇති නම් ප්‍රධාන විපක්ෂය ඒ ගැන විධිමත් මැදිහත්වීමක් කරන්නේදැයි ඇසූ පැනයට පාර්ලිමේන්තුවේත් මාධ්‍ය හමුවලදීත් ඒ ගැන පවසා ඇතැයි කී හෙතෙම ඉදිරියේදී ජාත්‍යන්තරයට ද ඒ ගැන කරුණු කියන්නේ යැයි වැඩිදුරටත් සඳහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන...

තනි ආසනයක් තියාගෙන තමයි රනිල් ජනාධිපති වුණේ – රුවන්

කම්කරුවන් සඳහා අනාගතයක් නිර්මාණය කර දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඔහු...

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කර තිබෙනවා. ඒ අනුව, දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් , වයඹ පළාත් ආණ්ඩුකාරවරයා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...