31 C
Colombo
Wednesday, May 1, 2024

රනිල්ට පුළුවන්..! – සමන්තා පවර්

- Advertisement -

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් පවසනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළ යුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් පවසනවා.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය සිය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරදීමට සහතික වන බවත් ඇය ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී සඳහන් කළා.

වත්මන් ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගනිමින්, යළි ගොඩනැගීමට එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ලබා දෙන බව ද සමන්තා පවර් මහත්මිය සහතික වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග ඇති ස්ථාවරය ජනාධිපති ජෝ බයිඩ්න් වෙනුවෙන් තමන් ප්‍රකාශ කරන බවත් සමන්තා පවර් මහත්මිය පවසනවා.

තමන් ඇතුළු කණ්ඩායම මේ සඳහා සම්බන්ධ වූයේ ජනාධිපතිවරයාට සහ රටේ සමස්ත ජනතාවට එළැඹ ඇති තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උපකාර කිරීම සඳහා බව ද ඇය සඳහන් කළා.

එමෙන්ම, ඒ සඳහා හැකියාවක් ජනාධිපතිවරයා සතු බව ද පවර් මහත්මිය පෙන්වා දෙනවා.

රටේ පෞද්ගලික අංශයේ විභවයන් මුදා හැරීමට පියවර ගත යුතු බවත්, ඒ සඳහා එල්ල වන බාධා අවම කර ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් විනිවිඳභාවයෙන් යුතුව එය සිදුකොට ජනතාවගේ හැකියාවන් සහ විවිධ අංශවල වේගවත් ගමන් මඟ වෙනුවෙන් අඟුළු හැරීමට කටයුතු කරන්නේ නම් එය ඇඳහිය නොහැකි වන බව පවර් මහත්මිය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්, ඇමෙරිකානු සංවර්ධන ආයතනයේ කාර්ය මණ්ඩල ප්‍රධානී සොනාලි කෝදි, ආසියානු කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලි කවුර්, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ගේබ්‍රියල් ග්‍රවු යන මහත්ම මහත්මීහු සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී විය.

RECENT ARTICLES - SINHALA

ඇමැති ශෙහාන් ජොර්ජියාවට

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. එම සමුළුව හෙට (02) සිට ලබන 05...

මෛත්‍රී පාර්ශවයේ ජනපති අපේක්ෂකයා මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වෘත්තීය වෘත්තීය සමිති නායක T.B...

අද කොළඹ එන අයට විශේෂ දැනුම් දීමක්

මැයි දින රැළි සහ පෙළපාළි හේතුවෙන් අද (01) කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා. කොළඹ නාගරික රථවාහන පොලිස්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...