33 C
Colombo
Thursday, May 2, 2024

තව්තිසාවේ ණය ගෙවන්න දිනකට ඩොලර් 41,000ක් අවශ්‍යයි..! – පාඨලී

- Advertisement -

නෙළුම් කුලුන ප්‍රදර්ශනය කිරීමෙන් දිනකට රුපියල් මිලියන 03 ක් සෙවීමෙන් සතුටු විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

එම ව්‍යාපෘතිය සඳහා ලබාගෙන ඇති ණය පියවීමට නම් ඩොලර් උපයාගත යුතු බවත් ණය ගෙවීම සඳහා අවම වශයෙන් දිනකට ඩොලර් 41,000 ක් වත් උපයා ගත යුතු බවත්, එය කිසිසේත්ම සපුරා ගත නොහැකි ඉලක්කයක් බවත් චම්පික රණවක පෙන්වා දෙනවා

ඉදිරි වසර 05 ක කාලය තුළ පමණක් ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 56 ක් බවත්, නෙළුම් කුලුන වැනි ව්‍යාපෘති සංවර්ධිත රටවලට මිස බංකොලොත් රටවලට නොගැලපෙන බවත් දකුණු ආසියාවේ ලොකුම එක නිර්මාණය කළ පමණින් රට සංවර්ධනය නොවන බව දැන්වත් තේරුම් ගතයුතු බවත් මන්ත්‍රීවරයා පවසනවා

පිටතින් හැඩට ඔප දමා තව්තිසාව යැයි හැඳින්වුවද මෙවැනි ප්‍රතිඵලදායක නොවන ව්‍යාපෘති පිටුපස මහා කරුම කතාවක් සැඟවී තිබෙන බවත්, ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින බංකොලොත්භාවයද එම කරුම කතාවේ සැඟවී ඇති බවත් චම්පික රණවක පවසනවා. පාලකයන් ජනතාවගේ ජීවිත උගසට තබා ණය ලබාගෙන සිදුකරන මෙවැනි අසාර්ථක ව්‍යාපෘතිවල කරුමයේ බව දරන්නට සිදුවන්නේද දුප්පත් ජනතාවටම බව‍යි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (04)  විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...