29 C
Colombo
Sunday, May 5, 2024

කලාකරුවන්ගේ විරෝධය මධ්‍යයේ මෝදිගේ දිල්ලිය ඉදිවේ

- Advertisement -

කලාකරුවන් ඉතිහාසඥයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් විරෝධය දක්වද්දී දිල්ලියේ පිහිටි ඓතිහාසික ගොඩනැගිලි ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර ඇත.
ඒ 2017 වසරේදී අදාළ ව්‍යාපෘතියට නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කර කොන්දේසි සහිතව ව්‍යාපෘතිය දියත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීමත් සමගය.
අදාළ වාරණය පැනැ වී තිබුණේ ව්‍යාපෘතියට එරෙහිව පරිසර ආරක්ෂණ හා ඉඩම් නීති මුල් කරගෙන ඉදිරිපත් වූ පෙස්සම් පදනම් කරගෙනය.
රුපියල් බිලියන 200 ක පිරිවැයකින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතියට ඓතිහාසික ඉන්දියා ගේට් ස්මාරකයේ සිට අගමැති නිල නිවස වූ රාෂ්ට්‍රපති භවන් දක්වා කිලෝමීටර තුනක භූමි භාගයක් අයත් වේ.
මේ යටතේ පැරැණි ඉන්දීය පාර්ලිමේන්තුව වෙනුවට නව ගොඩනැගිල්ලක් ද ඉදිකෙරෙන අතර ත්‍රිකෝණාකාර හැඩයෙන් නිමා වන එහි එකවර මන්ත්‍රීන් 1200 කට අසුන් ගත හැකිය.
ඉන්දියාවේ 75 වැනි නිදහස් උළෙල යෙදී ඇති ලබන වසරේ අගෝස්තුව වනවිට නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියට එරෙහිව දිගින් දිගටම සටන් කළ සමාජ ක්‍රියාකාරිනී බවරින් මල්හෝත්‍රා පවසන්නේ කොරෝනාවෙන් රටම විනාශ වූ මොහොතක මහජන මුදල් නාස්ති කරමින් රජය මහජන අවකාශයක් ද අයුතු ලෙස අත්පත් කරගනිමින් සිටින බවය.
ඉන්දියාවේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වන අනිෂ් කපූර් චෝදනා කරන්නේ යෝජිත ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම්කරු වන බිමල් පටේල්ගේ නිර්මාණ හැකියාව ඊට සරිලන්නේ නැති බවයි.
හරිත කලාප හා ගං ඉවුරු සිමෙන්තියට යට කරමින් වරණාසි හා අහමදාබාද්හි පටේල් දියත් කළ ආසන්නතම ව්‍යාපෘති ඊට සාක්ෂි දරන්නේ යැයි පවසන කපූර් නව හින්දු ඉන්දියාවක් ගොඩනැගූ ලෙසින්ම මෙයත් මෝදිගේ දේශපාලන ෆැන්ටසියේම කොටසක් යැයි චෝදනා කරයි.
කෙසේ වෙතත් ඉදිකිරීම්හි සැලසුම් භාර එච්.සී.පී සමාගමේ නිර්මාණ අධ්‍යක්ෂ බොබ් දේසායි පවසන්නේ පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වූ කලී යටත්විජිත පාලන සමයේ සුදු පාලකයන් සඳහා ඉදිකළ එකක් මිස බිලියන 1.4ක ජනතාවක් ජීවත් වන නූතන ඉන්දියාව සඳහා ඉදිකළ එකක් නොවන බවයි.
තවද මෝදි රජයේ නායකයන් පවසන්නේ ද වසර 93ක් පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තවදුරටත් භාවිතයට ආරක්ෂාකාරී නොවන බවයි.
ජාත්‍යන්තර සබඳතා විෂයෙහි මහාචාර්ය සහේල් භෂ්මි පවසන්නේ රජයේ ආයතන සියල්ල එකතැනකට ගෙනෙන මෙම ව්‍යාපෘතිය බලය බෙදීම පිළිබඳ සංකල්පයට පටහැනි බවයි.
මේ වනවිට ඉන්දියාවේ කොරෝනා වයිරසය හේතුවෙන් ලක්ෂ එකහමාරකට අධික පුරවැසියන් පිරිසක් මියගොස් ඇති අතර ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ 2021 දී ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම 9.6% කින් පහළ බසිනු ඇති බවයි. 

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...