30 C
Colombo
Sunday, May 5, 2024

ඇමෙරිකානුවන්ට දැවැන්ත සහන පැකේජයක් ..

- Advertisement -

ඇමෙරිකානුවන් වෙනුවෙන් ඩොලර් ටි්‍රලියන 1.9 ක දැවැන්ත සහන පැකේජයක් පිරිනැමීමට ඇමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩන් තීරණය කර ඇත.

කොවිඩ් වයිරසයෙන් පීඩාවට පත්ව සිටින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම සහන පැකේජය පිරිනැමෙන අතර ඒ සඳහා කොංග්‍රසයේ අනුමැතිය අවශ්‍යවේ.
අදාළ පැකේජයට කොංග්‍රස් අනුමැතිය ලැබුණහොත් එක් ඇමෙරිකානුවෙකුට ඩොලර් 1400 ක සෘජු දීමනාවක් එමගින් ලැබේ.

මිලියන ගණනක ඇමෙරිකානුවන්ට රැකියාවෙන් උරුම වූ අභිමානය හා ගෞරවය තමන් කළ වරදකින් තොරව වසංගතයක් නිසා අහිමි වී යැයි ද මනුෂ්‍ය පීඩාවේ ගැඹුරුතම අර්බුදයක් පවතින මොහොතක නාස්ති කිරීමට කාලයක් නැතැයි ද නව ජනපති බයිඩන් පවසයි. 

ඇමෙරිකානුවන්ගේ පැයක අවම වැටුප ඩොලර් 15 ක් කිරීම ද බයිඩන්ගේ මැතිවරණ පොරොන්දු අතර ප්‍රමුඛය.
කෙසේ වෙතත් ඇමෙරිකානු ව්‍යාපාර ක්‍ෂේත්‍රයෙහි බලවත් එරට වාණිජ මණ්ඩලය නව ජනපතිවරයාගේ යෝජනාවලිය අගය කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ආර්ථික ක්‍රියාවලිය නගාසිටුවීමට පෙර කොරෝනා වයිරසය පරාජය කිරීම මූලික වියු යුතු යැයි ඇමෙරිකානු වාණිජ මණ්ඩලය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

නව ජනපති ජෝ බයිඩන් ලබන 20 වැනිදා දිවුරුම් දීමට නියමිත අතර ඇමෙරිකාවේ පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී වසරක් පිරෙන්නේ ද එදිනටය. 

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...