27.9 C
Colombo
Tuesday, April 30, 2024

තවත් ඇමතිවරු 10ක්?

- Advertisement -

තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් සියලුදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවත් වාර්තා වන නමුත් දිවුරුම් දීම සිදුවන වේලාව සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නෑ.

මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබුණ ද ඔවුන්ගෙන් ඇතැම් මන්ත්‍රීවරුන් පිලිබඳව ජනාධිපතිවරයා සිය නොසතුට පළ කර ඇති බවත් පැවසේ.

මේ අතර සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ දී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත.

මේ අතර පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්. මීට අමතරව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...