33 C
Colombo
Thursday, May 2, 2024

රන්ජන්, ඔබ අපට වටිනා කෙනෙක් – දයාන් විතාරණ

- Advertisement -

       

    ජනප්‍රිය සම්මානිත ප්‍රවීණ සිනමා නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ ගායකයෙක් ලෙසින් ද අප හඳුනන සහෘද කලාකරු රන්ජන් රාමනායක හට ඊයේ දින අධිකරණයට අපහාස කිරීම වෙනුවෙන් චෝදනා ලබා සිව් වසරකට බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම වීය.

          ඔහු කෙරෙහි ගත් නීති තීරණය පිළිබඳව හෝ දේශපාලනය මුල් කොට ගත් රන්ජන් යන දේශපාලඥයා මදකට පසෙකින් තැබුවත් ඔහු කලාවේ මෙන්ම ජනතාව අතර සැමදා හදවතේම ළැඟුම්ගත් චරිතයක් බව අවිවාදිත ය. මා වසර 26ක පටන් දැන හඳුනන මිතුරෙකු වන රන්ජන් බොහෝ දෙනෙක් තුළ නොපිහිටන මානුෂීය ගුණාංගයන්ගෙන් පොහොසතෙකි.

        ඔහු එකල මගේ “ඔබෙ සුසුම් පවන්” ප්‍රසංගයට පැමිණෙන විට ප්‍රසංගය අවසන්ව තිබූ අතර ඉන්පසුව මගේ සංගත තැටියක් ඔහු මිලට ගෙන, මගේ නිර්මාණ ජීවිතයේ ආරම්භය වෙනුවෙන් ද මට සුබ පතමින් දිරිගැන්වූ අයුරු මතකය. එමෙන්ම ඔහු කලක් විදේශගතව ඉන්නා කාලයේ ද නිතර මගේ දුක සැප සොයා බලන්නට අමතක නොකළ රන්ජන්, එකල මගේ මෑණියන්ගේ ද ආදරය දිනූ චරිතයක් විය.

         මගේ චිත්‍රාගාරයට ඡායාරූප ගැනීම සඳහා පැමිණෙන අන් සියලු වැඩ කටයුතු පසෙකලා සිත නිදහසින් පැමිණෙන ඔහු දිනයක් පමණ ගත කර හෝ විටෙක මටත් ඡායාරූප ගැනීම නැවැත්වීමට සිතෙන තුරුම ඡායාරූප ගන්නේය. එමෙන්ම ඡායාරූප සඳහා ඔහු මහත් ආසාවෙන් සහ ඕනෑකමින් පෙනී සිටින අයෙකි.

          බොහෝ අවස්ථාවල වාණිජ සිනමාවේ රැඳෙමින් ජනාදරයට පත් වූ ඔහු වාර්තාගත ලෙස ජනතා සම්මානයෙන් පවා පිදුම් ලද නළුවෙකි. එමෙන්ම තිස්ස අබේසේකරයන්ගේ “පිටගම්කාරයෝ” වැනි ටෙලිනාට්‍යයක සහ උදයකාන්ත වර්ණසූරියගේ “යකඩ පිහාටු” වැනි චිත්‍රපටයක ඔහු කළ ප්‍රශස්ත රංගනයන් ද අපට අමතක කළ නොහැකිය. කලාකරුවෙක් සහ දේශපලානඥයෙක්ටත් වඩා මිනිසෙක් ලෙස රන්ජන් තුළ වූ යහපත් දේ බොහෝ දෙනෙක් දුටු නමුත් බොහෝ විට පැවසීමට තරම් නිහතමානී නොවූ බව නම් සැබෑවකි.

         ඔහු වෙනුවෙන් ගත් තීරණය පිළිබඳව හෝ ඔහු සිරගත කිරීම පිළිබඳ කිසිත් අදහස් නොදක්වන නමුත් මෙරට මිල කළ නොහැකි මහා වනාන්තර විනාශ කරන මිනිසුන්, මත්ද්‍රව්‍ය සහ මත්කුඩු ගෙන්වමින් හෙට දවසක් සහ තාරුණ්‍යයක් නැති කිරීමට වෙර දරන මිනිසුන් ප්‍රමුඛ වංචනිකයන් සහ දූෂිතයන් සිටිනා රටක රන්ජන් වැනි මිනිසුන්ගේ දුක සැප සොයා බලමින් මිනිසුන්ට සරණක් අවැසි වූ සෑම මොහොතකම උපකාරී වූ චරිතයක් සිරගත කිරීම පිළිබඳව පමණක් මගේ කණගාටුව ප්‍රකාශ කරමි.

      සිතේ එක් දෙයක් රඳවාගෙන කටින් තවත් දෙයක් ප්‍රකාශ කරනු වෙනුවෙන් සැම විටම සත්‍ය සෘජුව පැවසීම ඔහුගේ පුරුද්දක් වූ අතරම රන්ජන් කළ ඇතැම් ප්‍රකාශයන් සහ මතයන් සමග ද අපට වුවද එකඟ විය නොහැකි බව ද දන්නා මුත් ඔහු බහුතරයක් පිරිස් මෙන් සුඛ විහරණය වෙනුවෙන්ම දවස නොගෙවූ ජනතාව වෙනුවෙන් හඬක් නගමින් ක්‍රියා කළ ජනතා සේවකයෙක් වූ බව පමණක් ප්‍රකාශ කරමි.

           මෑතකදී මට සාරංග සහ දිනක්ෂි විවාහ වූ දිනයේ ඔහු හමුවූ විට ගත් ඡායාරූප පෙළක් සමග මෙම සටහන අකුරු කරන්නේ ද ඔහු වෙනුවෙන් යුක්තියක් ඉල්ලීමට හෝ ඔහු සිරගත කිරීම හෙළා දකිමින් රජයට හෝ අධිකරණයට ඉල්ලීම් කිරීමේ අදිටනින් නොවන අතර මෙම සටහන් කීමට අවශ්‍ය එකම දෙය වූයේ මා මෙන්ම කලාවේ වුවද රසික පර්ෂදයේ වුවද බොහෝ දෙනෙක් ඊයේ මෙන්ම අදත්, හෙටත් රන්ජන් වෙනුවෙන් සවියක්ව සුහද සිතින් සිටින බව පැවසීම පමණි !

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...