27 C
Colombo
Friday, May 3, 2024

මෙරටින් හමුවූ අලුත් මදුරුවන්ගේ විත්ති

- Advertisement -

Culex (Lophoceraomyia) cinctellus නැමැති මදුරු විශේෂයක් මිරිගම ගම්පහ සහ කලුතර ප්‍රදේශයන්ගෙන් හමුවූ බවත් මෙම විශේෂය බරවා රෝගය බෝකරන මදුරුවාට බොහෝ දුරට සමාන බවත් සෞඛ්‍ය කී‌ට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේකර පවසනවා.

මෙම මදුරු විශේෂය මිනිසුන්ගේ රුධිරය උරා බොන නමුත් මිනිසාට රෝග බෝකරන වාහකයෙක් ලෙස ක්‍රියාකරන බවට තවමත් තහවුරු වී නොමැති බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරමින් බවතින බවත් ඔහු පවසනවා.

මෙම මදුරු විශේෂය කුරුල්ලන්ගේ රුධිරය උරා බීමට වැඩි කැමැත්තක් දක්වන අතර මිනිසුන්ගේද රුධිරය උරා බොන බවත් ඒ සවස 6න් පසුව බවත් පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි ඔහු පවසනවා.

මේ මදුරු විශේෂය ඉන්දියාවේ සහ තායිලන්තයේ වාර්තා වී ඇතැයිද පැවසේ.

මෙම මදුරු විශේෂය පරිසරයෙන් සොයා ගත්තද මදුරුවා බිත්තර දමන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ද බිත්තර දමන ස්ථානයන් සොයාගැනීමට තවදුරත් පර්යේෂණ පැවැත්වෙන බව ද හෙතෙම පවසා සිටිනවා.

මෙම මදුරු විශේෂයේ ජානමය විශ්ලේෂණයන් සඳහා දකුණු කොරියාවේ රසායනාගාරයක් වෙත යැවීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා අග්නිදිග විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය තාරක රණතුංග සහ වයඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ළහිරු උදයංගගේ සහය හිමිව තිබෙනවා.

කැළණි විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ ශුද්ධ හා ව්‍යහාරික විද්‍යාව පිලිබඳ අන්තර්ජාතික සමුළුවේදී මෙම පර්යේෂණ පත්‍රිකාව එළිදැක්වූ බවත් ශ්‍රී ලංකාවේ මදුරු විශේෂ 4ක් පිළිබඳව පර්යේෂණාත්මකව තහවුරු කර ගැනීම් මේ දිනවල සිදුකරන නමුත් රටේ පවතින ආර්ථික වටාපිටාවත් සමග පර්යේෂණ කටයුතු ඇණහිට ඇති බවත් නජිත් සුමනසේන පවසනවා.‍

මෙම පර්යේෂණ කටයුතු නලීන් ජයසිංහ, ප්‍රමිත රංගන සහ ගයන් ශ්‍රී කුමාරසිංහ යන කීට විද්‍යා නිලධාරීන් මෙහෙයවනු ලබනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...