27 C
Colombo
Thursday, May 2, 2024

මුහුණු පොත හරහා ජනාධිපතිවරයාව විවේචනය කළ පුද්ගලයාගේ වත්කම් සොයයි

- Advertisement -

මුහුණු පොත හරහා ජනාධීපතිවරයාට අපහාස කළායැයි අත්අඩංගුවට ගත්  ෆසාල් මොහොමඩ් නිසාර් මහතාව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ජනවාරි (18) බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් ලබා දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ සැකකරුගේ බැංකු ගිණුම් හරහා සැකකටයුතු ලෙස විශාල මුදලක් සංසරණය වී ඇති බවය.

එබැවින් ඔහුව දින 90ක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රැඳවුම් නියෝගයක් නිකුත්කර ඇති බව පවසා ඇත.

ඒ අනුව සැකකරුව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කරන මෙන් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබුණී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙම සැකකරුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේ දී ඒ හරහා පසුගිය කාලයේ රුපියල් ලක්ෂ 625 කට අධික මුදලක් සැකකටයුතු ලෙස සංසරණය වී තිබෙන බව අනාවරණය වී ඇති බවය.

අදාල පුද්ගලයාගේ නිවසේ කුලීය වශයෙන් මාසිකව රුපියල් 80,000/- ක්ද කුලී පදනම වශයෙන් ලබාගත් වාහනය සඳහා මාසිකව රුපියල් 50,000ක මුදලක් ද කුලියට ලබාගත් වෙළෙඳසැලක් සඳහා මාසිකව රුපියල් 125,000ක මුදලක් ද ගෙවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ පවසා ඇත.

ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කළා යැයි වරදට අදාල පුද්ගලයාව පසුගිය ජනවාරි 12 දින අත්අඩංගුවට ගෙන තිබුණී. නමුත් ඔහු සැකකටයුතු ආකාරයෙන් මුදල් උපයාගෙන ඇති බව පවසමින් ආරක්ෂක අමාත්‍යංශයෙන් රැඳවුම් නියෝග නිකුත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...