සුකේශ් චන්ද්‍රසේකර් වංචාකල කෝටි 200 නඩුවට අදාලව ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය ජැක්ලීන්ව වරදකරු කරමින් ඇයට එරෙහිව නඩු පවරණ ලැබූවත් දිල්ලි මහාධිකරණය විසින් ඇයට ඇප නියම කරනු ලැබුවා.
මෙහිදී මහාධිකරණ විනිසුරුවරුන් ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකයේ නිළධාරීන්ගෙන් විමසා සිටියේ ජැක්ලීන් වරදකරු නම් ඇයව අත්අඩංගුවට නොගත්තේ මන්ද යන්නයි.
එහිදී ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකයේ නිළධාරීන් නිරුත්තර වූ අතර මූල්‍ය වංචා පිලිබඳ පොලිස් මූලස්ථාන ඒකකය හා සිදුකල විමර්ශන වාර්තාද අධ්‍යනය කිරීමෙන් අනතුරුව මහාධිකරණය විසින් ජැකලින් ෆර්ඩිනෑන්ඩස් මෙනෙවිය හට ඇප නියම කරනු ලැබූවා.
කෙසේනමුත් අදාළ නඩු කටයුත්ත හේතුවෙන් ජැකලින් ෆර්ඩිනෑන්ඩස් මහත්මියගේ පෞද්ගලිකත්වයට මෙන්ම වෘත්තීය ජීවිතයට දැඩි හානියක් සිදුව තිබෙනවා.