33 C
Colombo
Thursday, May 2, 2024

සෞදි කුමාරයාගේ සංචාරය කල් දැමීමෙන් පකිස්තානයේ දේශපාලන අර්බුදයක්

- Advertisement -

සෞදි ඔටුන්න හිමි කුමරු මුහම්මද් බින් සල්මාන්ගේ පාකිස්තාන සංචාරය කල් දැමීම පාකිස්තාන සභාග ආණ්ඩුව සහ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) අතර ගැටුමක් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

මොහොමඩ් බින් සල්මාන්ගේ පාකිස්ථාන සංචාරය පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් හි ඉස්ලාමාබාද් දෙසට සංවිධානය කල දිගු පාගමනක් හේතුවෙන් කල් දමා ඇති බව පකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (PML-N) ජ්‍යෙෂ්ඨ නායක සහ ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ගැටුම ආරම්භ වූ බව පැවසේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අසීෆ් පැවසුවේ, වසර හතකට පෙර ඉම්රාන් ඛාන්ගේ උපවාසයක් නිසා චීන ජනාධිපති ෂී ජින් පිංගේ පාකිස්තාන සංචාරය අවලංගු කිරීමට හේතු වූ අතර දැන් නොවැම්බර් 21 පෙළපාලිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් සෞදි ඔටුන්න හිමි කුමරුගේ සංචාරය කල් දමා ඇති බවයි.

සෞදි ඔටුන්න හිමි කුමරු මෙන්ම අග්‍රාමාත්‍ය මුහම්මද් බින් සල්මාන්ගේ පාකිස්තාන සංචාරය කල් දමා ඇති බව විදේශ කාර්යාලය තහවුරු කර තිබිණ.

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...