33 C
Colombo
Thursday, May 2, 2024

නියමිත කාලයට සරසවියෙන් එළියට නොගිය අය ගෙදර යවන්න නව පනතක්

- Advertisement -

විශ්ව විද්‍යාලවලට ඇතුල් වී නියමිත කාලයට උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපනය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා කියා සිටියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගවලට මුහුණ දීමට වඩා දේශපාලන කටයුතු කිරීම වැදගත් බව සිතමින් විභාගවලට පෙනී නොසිට අදාළ උපාධි කාල සීමාව ද ඉක්මවා වසර 9ක් 10ක් කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මේ අනුව නියමිත කාලය තුළ විභාගවලට පෙනී නොසිට දීර්ඝ කාලයක් එසේ විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ විශේෂ සංගණනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එම සංගණනය සඳහා විශ්ව විද්‍යාල කුලපතිවරුන්ගේ සහය ලබා ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙසේ රැඳී සිටිමින් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවලින් ඉවත් නොවී සිටීම 21 වන සියවසේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිඳු ලෙසකින් නොගැලපෙන බවයි ඔහු සඳහන් කළේ.

මෙලෙස සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දීර්ඝ කාලයක් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිට නවක සිසුන්ට නේවාසිකාගාරවල පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ද අහිමිව වන බවද අමාත්‍යවරයා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ මීට අමතරව නේවාසිකාගාරවල නවක වද සිද්ධීන් අනාවරණය වී ඇති බවයි.

දැනට පවතින විශ්ව විද්‍යාලවල කොමිෂන් සභා පනතේ නීතියට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත කාලය තුළ විභාගවලට පෙනී සිට විශ්ව
විද්‍යාලවලින් පිටව යා යුතු බවට සඳහන් නොවී හේතුවෙන් ඔවුන් ඉවත් කිරීමේ දී ගැටළු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.

මේ අනුව විශ්ව විද්‍යාල සම්බන්ධව නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව ගැටළු සහගත තත්ත්වයට පහව යනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

නව පනතට අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවකට අසනීප තත්ත්වයක් හෝ පෞද්ගලික හේතුවක් මත නියමිත කාලය තුළ විභාගය පෙනී සිටීමට නොහැකි වුවහොත් විභාගවලට පෙනී සිටීම සඳහා එම කාලයෙන් සියයට 50 කාලයක් ලබාදෙනු ඇති.

කෙසේ වෙතත් එම කාලය තුලදී විභාගවලට පෙනී නොසිට උපාධිය සම්පුර්ණ නොකරන සියලු සිසුන් විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් කිරීමට නව පනතෙන් හැකියාව ලැබෙන බවයි රාජ්‍ය අමාතවරයා වැඩිදුරටත් කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

පරාටේ නීතිය ගැන විශේෂ තීරණයක්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා...

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා...

කටුනායක වීසා නිකුත් කරන්න ඉන්දියන් සමාගමකට දීලා, සංචාරකයින් පෝළිමේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන්  ඊයේ (01) එම පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා. මේ හේතුවෙන්, විදේශිකයන් ගුවන්තොටුපළේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...