28 C
Colombo
Friday, May 3, 2024

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

- Advertisement -

ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

උත්සවය සාමය තුළ පවතින අධික ඉල්ලුමත්, ඇනවුම් කර ඇති ගෑස් නෞකාව දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම සීමා කිරීම් සිදු කරන බවයි සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ.

සභාපතිවරයා කියා සිටියේ ලබන 30 වන දින වන විට ගෑස් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

එම ගෑස් ගොඩබෑමෙන් අනතුරුව පසුව ගෑස් නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා “ලිට්‍රෝ ගෑස් ආයතනය ගෑස්වල හිඟතාවයක් දකින්නේ නැහැ. එත් දෙසැම්බර් මාසයේ උත්සව සමය එක්ක අපි පවතින ඉල්ලීම නිරීක්ෂණය කරනවා. මේ වෙන කොට ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ලබන මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 34000ක් ඇනවුම් කරලා තියෙනවා. ඒ අනවුමෙන් කොටසක් බ්‍රහස්පතින්දා මෙරටට ළඟා වෙනවා. ඉන් පසු එක දිගටම ජනවාරි වෙනකන් නෞකා එනවා. අපි දැනට සීමා සහිතව සිලින්ඩර් 42000ක් විතර මාකට් එකට දුන්නා. සමහර තැන්වල අඩුවක් තියෙන්න පුළුවන්. එත් ඒක හිඟයකට වඩා අපි සිමා සහිතව නිකුත් කරනවා.”

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...