28 C
Colombo
Friday, May 3, 2024

යොවුන් වෙල්ලාලගේ සහ අසලංකගේ සටන්කාමී ඉනිමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ජයක්

- Advertisement -

සංචාරක ඇෆ්ගේනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (30) පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4කින් ජය ගැනීම සමඟ එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් වුණා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගේනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගේනිස්ථාන කණ්ඩායම කඩුලු 8කට ලකුණු 313ක් ලබා ගැනීමට සමත් වුණා.

ඇෆ්ගේනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ආරම්භ පිතිකරු Ibrahim Zadran ලකුණු 162ක් රැස් කළ අතර ඊට හතරේ පහරවල් 15ක් සහ හයේ පහරවල් 4ක් ඇතුළත්.

Najibullah Zadran ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 3ක් සහ වනිදු හසරංග කඩුලු 2ක් බිඳ හෙළුවා.

ලකුණු 314 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.4 කදී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භ කඩුල්ලට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ශතක සබඳතාවක් ගොඩනැගුවා.

ඔවුන් දෙදෙනා ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගූ අතර එම සබඳතාවට තිත තබන්න මොහොමඩ් නබී දඟ පන්දුවට හැකි වුණා.

ඉන් අනතුරුව ලකුණු 15කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ වැටුණු අතර ඉන් පසුව සිව්වන කඩුල්ල දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක ලකුණු 48ක සබඳතාවක් ගොඩනැගූවා.

චන්දිමාල් ලකුණු 33කට දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි නායක දසුන් ශානක පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක ස්ථාවර සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

දසුන් ශානක ලකුණු 43කට දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි වනිදු හසරංග ස්ථාවර වීමට දඟ පන්දු ක්‍රීඩක රෂිඩ් ඛාන් දවා ගැනීමට කටයුතු කිරීමෙන් ඇෆ්ගේනිස්ථාන කණ්ඩායම නැවත වතාවක් තරඟයට පිවිසීමට කටයුතු කළා.

ඉන් අනතුරුව පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ හිටපු නායක දුනිත් වෙල්ලාලගේ පිටියේ එක් අන්තයක ස්ථාවර ඉනිමක් ගොඩනගමින් සිටි චරිත් අසලංක සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙනගියා.

කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය දුනිත් වෙල්ලාලගේ පන්දු 21 කදී ලකුණු 31ක් ලබාගත් අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 1ක් ඇතුළත්.

චරිත් අසලංක ලකුණු 83ක් ලබාගත් අතර ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වුණා.

තරඟයේ වීරයා සම්මානය චරිත් අසලංක දිනාගත් අතර තරඟාවලියේ වීරයා සම්මානය Ibrahim Zadran දිනා ගැනීමට සමත් වුණා.

මේ තියුණු ජයග්‍රහණයත් සමඟ 2023 පන්දුවාර 50 World Cup Super League ලකුණු සටහනේ 9 වන ස්ථානය දක්වා ඉහළට පැමිණියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට මාර්තු මස නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය 3-0 ක් ලෙස ජය ගැනීම අනිවාර්ය වනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...