28 C
Colombo
Sunday, May 5, 2024

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

- Advertisement -

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සාක්ෂි සඳහා නොකැඳවීම බරපතළ පාඩුවක් බව නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසනවා.

මෙම නඩුව ඊයේ (30) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය ඉදිරියේ මෙම කරුණු දැක්වූවා.

කුමරප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ එම විමර්ශන සම්බන්ධයෙන් සියලුම කරුණු හොඳින්ම දන්නා පුද්ගලයා වන ශානි අබේසේකර මහතා මීට නොකැඳවීම තම පාර්ශ්වයට දැඩි ලෙස අගතිදායක වී ඇති බවයි.

එය තමන්ගේ පාර්ශ්වයෙන් සිදුවුණු බරපතළ අඩුපාඩුවක් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පවසා සිටයා.

ඒ අනුව ශානි අබේසේකර මහතාව මෙම නඩුවෙහි සාක්ෂි සඳහා කැඳවීමට නීතිපතිවරයා වෙනුවෙන් දිලීප පීරිස් මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...