29 C
Colombo
Friday, May 3, 2024

පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට දඩුවම් දෙනවා යැයි ජනාධිපතිවරයා කී කතාව සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්කරලා

- Advertisement -

ඊයේ (04) පැවති 73 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයේදී ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකල කතාවේ එක් කොටසක සදහන් වූයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ද අපරාධකරුවන්ට, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බවයි.

ජනාධිපතිවරයාගේ කතාවෙහි එම කොටස ප්‍රවෘත්තියක් ලෙස පලකර Facebook සමාජ මාධ්‍යයෙහි පලකර ඇති පුවත බොහෝ පිරිසක් හාස්‍යයට ලක්කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට අදාල පුවතට 12,000 ක පමණ පිරිසක් ප්‍රතිචාර දක්වා ඇති අතර ඉන් 9,000 ක පමණ පිරිසක් එම ප්‍රවෘත්තියට හාස්‍යජනක ප්‍රතිචාර (HaHa Reaction) පලකර තිබීම විශේෂත්වයක්.

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කල ජනාධිපති කොමිසමේ වැඩකටයුතු පසුගියදා අවසන් වුණා.

ඒ සම්බන්දයෙන් වූ අවසන් වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර ඊයේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.

අදාල පුවත හා ඊට ලැබී ඇති ප්‍රතිචාර පහත සබැදියෙන් බලන්න…

https://www.facebook.com/sinhala.adaderana.lk/photos/a.329680883743300/3937697976274888/

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...