32 C
Colombo
Monday, April 29, 2024

චීනයේ දත්ත සොරකමක් ගැන ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

චීනය ඇමරිකාවේ සහ වෙනත් රටවල ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කීරීමෙි ක්‍රියාවලියක,නිරතව සිටින බවට ඇමරිකානු ප්‍රතිබුද්ධි තොරතුරු සහ ආරක්ෂක මධ්‍යස්ථානය අනතුරැ අගවා තිබේ.

එහි ප්‍රධානී විලියම් එවනීනා සදහන් කර ඇත්තේ කෝවිඩ් වසංගත සමයේදී චීනය විසින් ⁣සිය වැසියන්ගේ ජානමය දත්ත ඒකරාශි කරන බවට විශ්වාස කළ හැකි තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි.

මෙම තත්වය ඇමරිකානුවන්ගේ පමණක් නොව ලෝකයේ සෙසු රටවල වැසියන්ගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් පමණක් නොව ආර්ථික සහ ආරක්ෂක ක්ෂේත්‍රයේද බරපතල ගැටලු ඇති කරන්නක් බවද ඔහු සදහන් කර තිබේ.

විවිධ සමාගම් හරහා චීනය විසින් නිෂ්පාදනය කර බෙදාහරින කොවිඩ් පරීක්ෂණ කට්ටල මගින් මෙන්ම කෝවිඩ් සම්බන්ධයෙන් ලෝකයේ විවිධ රටවල චීනය විසින් සිදුකරන පරීක්ෂණ හරහාද මෙම අනවසර දත්ත රැස්කිරීමේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක වන බවට ඇමරිකානු ප්‍රතිබුද්ධි තොරතුරු සහ ආරක්ෂක මධ්‍යස්ථානය සදහන් කර තිබේ.

මේ වනවිටත් ඇමරිකානු ජනගහනයෙන් සියයට අසූවක පමණ ප්‍රතිශතයක දත්ත චීනය සතුව පවතින බවට විශ්වාස කළ හැකි බවටත් මේ පිලිබද ලෝකයේම කඩිනම් සහ පුලුල් අවධානය ⁣යොමුවිය යුතු බවටත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...