33 C
Colombo
Saturday, May 4, 2024

පාස්කු ප්‍රහාර කොමිසමේ සාක්ෂිකරුට පහරදීමක්

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසමේ සාක්ෂිකරුවෙකු වන රිෂාම් මරූෂ් මහතාට ඊයේ (8) රාත්‍රියේ කිසියම් පිරිසක් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේදී පහර දී තිබෙනවා.

පහර කෑමෙන් තුවාල ලැබූ රිෂාම් ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණා.

සිදුවීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ රිෂාම් දඹුල්ල රෝහල් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ගල්කිරියාගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

පහරදීමේ සිදුවීම සම්බන්දයෙන් රිෂාම් පවසන්නේ අදාල පුද්ගලයින් පහර දෙන අවස්ථාවේදී ඔවුන් කවුරුන්දැයි තමන් හදුනාගත් බවයි.

ඔවුන් පුබ්බෝගම හා අවට පදිංචිකරුවන් බවත්, 15 දෙනෙකු පමණ වටවී තමන්ට එහිදී යකඩ පොලුවලින් පහර දුන් බවත් පහරකෑමට ලක්වූ රිෂාම් මරූෂ් සදහන් කරනවා.

රිෂාම් ප්‍රබල දේශපාලන නායකයින් කිහිප දෙනෙකුට එරෙහිවී ඇති බව පවසමින් ඔවුන් තමන්ට පහරදුන් බවද පොලීසියට පැමිණිලි කරමින් රිෂාම් සදහන් කර තිබෙනවා.

මේ වනවිට පහර කෑමට ලක්වූ රිෂාම් මරූෂ්ගේ නිවසට පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...