33 C
Colombo
Saturday, May 4, 2024

දෙවියන් වැනසුවැයි කැන්ගරුවන්ට චෝදනා

- Advertisement -

ඕස්ට්‍රේලියාවේ හින්දු කෝවිල්වලට හානි කිරීම ඉන්දියාව විසින් හෙළා දැක ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධකරුවන්ට එරෙහිව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ කැරුම් ඩෝන් හි පිහිටි ශ්‍රී ශිව විෂ්ණු කෝවිල පසුගියදා හින්දු විරෝධීන්  විනාශ කිරීමෙන් පසුව ඉන්දියාව මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

තෙදිනක් පුරා පැවති ඕස්ට්‍රේලියාවේ දෙමළ හින්දු ප්‍රජාව විසින් සමරනු ලැබූ “තෛපොංගල්” උත්සවයෙන් පසු සිදුවූ මෙම ක්‍රියාව ඉන්දියාවේ බරපතල විරෝධයට හේතුවී තිබේ.

ශ්‍රී ශිව විෂ්ණු කෝවිලේ බැතිමතෙක් වන ඌෂා සෙන්තිල්නාදන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඔවුන් ඕස්ට්‍රේලියාවේ දෙමළ සුළුතර කණ්ඩායමක් බවත් ඔවුන් බොහෝ දෙනෙක් සරණාගතයින් ලෙස පැමිණියේ ආගමික හිංසනයෙන් බේරීමට බවත්ය.

ඊට පෙර, ජනවාරි 12 වන දින, මෙල්බර්න් හි මිල් පාර්ක් ප්‍රදේශයේ පිහිටි ස්වාමිනාරායන් විහාරස්ථානයේ බිත්තිවල ඉන්දීය විරෝධීන් විසින් ඉන්දියානු විරෝධී සටන් පාඨ ලියා  විනාශ කරන ලද බවද ජනමාධ්‍ය වාර්තා කර ඇත.

RECENT ARTICLES - SINHALA

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...