29 C
Colombo
Thursday, May 2, 2024

ආන්දෝලනාත්මක කිරි හරක් ජාවාරම නැවතත් ඇරඹෙයිද?

- Advertisement -

පැවති ආණ්ඩු රැසකින් ක්‍රියාත්මක කල කිරි ගවයින් ආනයන ව්‍යාපෘතිය වත්මන් රජයද නැවත වටයකින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසුවේ කිරිගවයින් 5000 ක් මෙරටට ආනයනය කිරීමේ වැඩපිළිවෙලට සියල්ල සූදානම් බවයි.

කිරිගවයින් ආනයනය කිරීම තුළින් මෙරට දේශීය කිරි අවශ්‍යතාවය සපුරා විදෙස් රටවලට මුදල් ගලායෑම අවම කිරීම හා දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීම වැනි ආකර්ශනීය වදන් යොදාගනිමින් පැවති ආණ්ඩු මෙම කිරිගව ව්‍යාපෘති වරින් වර ක්‍රියාත්මක කළා.

කෙසේ වෙතත් එලෙස රැගෙන ආ කිරි ගවයින් පශු සම්පත් මණ්ඩලය සහතික කල කිරි ලීටර් ප්‍රමාණය ලබා නොදුන්නා පමණක් නොව අකාලයේ මිය ගියේ කිරි ගොවියන් පාරට ඇඳ දමමින්.

පැවති රජයන් හී ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබදව අමාත්‍යවරුන් වූ සී.බී. රත්නායක, බැසිල් රාජපක්ෂ, ආරුමුගම් තොණ්ඩමන් හා පී. හැරිසන් යන අමාත්‍යවරුන්ගේ පාලන සමයන්හීදී මෙම කිරිගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා.

එව ව්‍යාපෘති අවසන් වූයේ නැවත වටයකින් ජනතා මුදල් කාබාසිනියා කරන ජනාධිපති කොමිසමක් දක්වා අදාල ආනයන ව්‍යාපෘතිය දුරදිග යෑමෙන්.

කුමන කොමිසම් පත් කලද කිසි විටෙකත් අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ඇමතිවරයා හෝ නිලධාරීන් හට කිසිදු ආකාරයකින් නීතිය ක්‍රියාත්මක නොවීමද විශේෂත්වයක්.

මෙම කිරිගව ජාවාරම පිළිබදව අප විවිධ අවස්ථාවන්හීදී තොරතුරු වාර්තා කළා.

අදාල ප්‍රවෘත්ති දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...