27 C
Colombo
Friday, May 3, 2024

නිදහස් උත්සවයට හෙණ ගැසීම වැළැක්වීමට ලක්ෂ තුනහමාරක් වෙන්කරලා

- Advertisement -

75 වන නිදහස් සැමරුම සඳහා රුපියල් මිලියන 162.8 ක මුදලක් වෙන් කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අදාළ උත්සවය සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය රුපියල් මිලියන 40 ක්, අධ්‍යාපන අමාත්‍යංශය රුපියල් මිලියන 5.8 ක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය රුපියල් මිලියන 55 ක්, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 39 ක්, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රුපියල් මිලියන 02 ක්, ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 21 ක් වියදම් කිරීමට නියමිතයි.

එමෙන්ම ජනවාරි මස 02 වන දින වන විට නිදහස් උත්සවය සඳහා ජංගම වැසිකිළි සදහා පමණක් රුපියල් එක්කෝටි හතලිස් දෙලක්ෂ පනස් අටදහස් අටසිය පනහක මුදලක් (14,258,850.00) වැය කොට තිබෙනවා.

අකුණු සන්නායක පද්ධතිය සවිකිරීමට එම දිනට පමණක් රුපියල් තුන්ලක්ෂ හතලිස් පන්දහසක මුදලක් (345,000.00) සහ ආරාධිතයන්ට පුටු සැපයීම සඳහා රුපියල් නවලක්ෂ පනස් පන්දහස් හයසිය පනහක මුදලක් (955,650.00) වෙන්කර තිබෙනවා.

තවද රූපවාහිනි යන්ත්‍ර, විදුලි පංකා, කාර්මික පංකා ඇතුළු සිසිලන යන්ත්‍ර සැපයීම සඳහා රුපියල් පන්ලක්ෂ දහනවදහස් දෙසිය විසි පහක මුදලක්ද (519,225.00) විද්‍යයුත් තිර සැපයීම සඳහා රුපියල් විසි හත්ලක්ෂ අනූ තුන්දහස් හත්සිය පනහක මුදලක් (2,793,750.00) වෙන් කර ඇති බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ.

මීට අමතරව රුපියල් දහතුන් ලක්ෂයක කොඩි, රුපියල් ලක්ෂ 4 ක පුෂ්පෝපහාර සඳහා මල්, රුපියල් මිලියනයක ආරාධනා පත්‍ර තැපැල් කිරීම් යනාදී දහසකුත් එකක් වියදම් මීට ඇතුළත්වනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...