26 C
Colombo
Monday, April 29, 2024

මුරුත්තෙට්ටුවේ හිමි විමල් වීරවංශගේ සහයට පැමිණේ

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් ලේකම්වරයා ඇතුළු මන්ත්‍රිවරුන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ජාතික බලවේග සිදුකළ කැපකිරීම් හේතුවෙන් බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

අද (10)පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

“පොදු සංවිධානයක ගොඩනගන්න ඕනේ කියන යෝජනාව ඇතිවුණේ අභයාරාමයෙන්. ළමයා ඉපදුනායින් පස්සේ, නමක් දැම්මේ. මං හිතනවා විමල් වීරවංශ මහතා ඇතුළු 4 ක් 5ක් එකතුවෙලා පළවෙනියෙන්ම සාකච්ඡාවක් තිබ්බා නුගේගොඩ “මහින්ද සුළඟ“ කියලා. මහින්ද සුළඟ ආරම්භ කරලා මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරලා අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න ශක්තිය ලබාදීලා ජනතාව දැනුවත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා අත දාන්න විමල් වීරවංශට අයිතියක් නෑ කියලා

මම එතුමාගෙන් අහන්න කැමති කවුද මේකට අතදාන්න කැමති එක්කෙනා කියලා. අද ඔබට මෙහෙම පාර්ලිමේන්තු ගිහින් කතා කරන්න ශක්තියක් ලබා දුන්නේ මහින්ද සුළඟත්, පැවිදි හඬත් කියන එක අමතක කරන්න එපා. විමල් වීරවංශ මහතා වැනි අයට මෙවැනි සදාචාරාත්මක නොවන ප්‍රකාශ නිකුත් කරනවා නම් අපිට සිද්ධවෙනවා ඒවට විරුද්ධ වෙන්න.“

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...