27 C
Colombo
Monday, April 29, 2024

සංවර්ධනය කියලා පරිසරය විනාශ කරන්න එපා – කාදිනල්

- Advertisement -

සංවර්ධනයේ නාමයෙන් පරිසරය විනාශ නොකරන ලෙසට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මීට වසර දෙකකට පෙර විශේෂ විශ්ව ලේඛණයක්ද ඉදිරිපත් කරමින් පරිසරය විනාශ කිරීමේ විපාක පිළිබදව විස්තර කර ඇති බවද උන්වහන්සේ සදහන් කළා.

අගරදගුරු නිවසේ මාධ්‍ය අමතමින් උන්වහන්සේ සදහන් කළේ සංවර්ධනය මනුෂ්‍යයා හට අවශ්‍ය නමුත් සංවර්ධනය යනු පරිසරයට විරුද්ධව ගොස් ඇතිකරගත යුතු දෙයක් නොවන බවයි.

එබැවින් විදේශීය සමාගම්වලට හෝ මෙරට සිටින ධන කුවේරයන්ට අවශ්‍ය ආකාරයෙන් පරිසරය විනාශ කරමින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සදහා ඉඩ ලබානොදිය යුතු බව කාදිනල් හිමියන් පවසනවා.

දේශපාලන නායකයන්ට වසර 5 ක් සදහා රට භාරදී ඇත්තේ භාරකාරයන් ලෙස ක්‍රියාකිරීමට මිස අයිතිකාරයන් ලෙස ක්‍රියාකිරීමට නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...