28 C
Colombo
Sunday, May 5, 2024

අගමැති කී පමණින් භූමදානය කිරීමට ඉඩදිය නොහැකි බව රාජ්‍ය ඇමතිනිය කියයි

- Advertisement -

කොවිඩ් ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ ප්‍රකාශ කළද, එම තීරණය එසේ පුද්ගලිකව ගත නොහැකි බවත් එය සිදුවිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවක් හරහා බවත් කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ප්‍රශ්නය – අපේ අගමැතිතුමා භූමදානය අවසර ලබාදෙනවා කියලා ඊයෙ කිව්වා, මේ විෂයභාර ඇමතිතුමියගෙන් මං අහන්න කැමතියි කවදාද මේ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන්නෙ කියලා?.

පිළිතුර – මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙ තීන්දු තීරණ ගන්නෙ අපි පුද්ගලිකව නෙවෙයි, තාක්ෂණික කමිටුවක් හරහා. ඒ නිසා තාක්ෂණික කමිටුවට මේ යෝජනාව ඉදිරිපත් කරලා ඒ තාක්ෂණික කමිටුවේ එකඟතාවය මත තමයි අපට කටයුතු කරන්න සිද්ධ වෙන්නෙ.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...