28 C
Colombo
Sunday, May 5, 2024

හෙල්මට්වලින් පහරදී එක්දරු පියෙක් ඝාතනය කරයි

- Advertisement -

මාර්ගයේ ගමන් කිරීමේදී ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් ඊයේ (15) රාත්‍රී තරුණ පිරිසක් හෙල්මට්වලින් පහරදීමෙන් එක්දරු පියෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

වැලිපැන්න පොලීසිය සඳහන් කරන්නේ මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක්දරු පියෙක් බවයි.

වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී අවුරුදු 16ක වයසේ පසුවන තරුණයින් කිහිප දෙනෙකු සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් හෙල්මට්වලින් පහර දී තිබෙනවා.

පහර කෑ පුද්ගලයා බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල ගත කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා පරීක්ෂණ සිදු කරනු ලබනවා.

කෙසේ වෙතත් සැකකරුවන් ගමන් කළ යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...