25 C
Colombo
Tuesday, April 30, 2024

රුපියල තවත් ශක්තිමත් වෙයි

- Advertisement -

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත්ව තිබෙනවා.

ඒ අනුව අද (09) වන විට ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

විකුණුම් මිල රුපියල් 325.52ක් ලෙස සටහන් වනවා.

කෙසේ වෙතත් ඇතැම් වානිජ බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 දක්වා පහත බැස තිබුණා.

මේ අතර කොළඹ රන් වෙළෙඳ පොළේ රත්‍රං මිල අද වන විට තවදුරටත් පහළ ගොස් ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසනවා.

අද පෙරවරුවේ කැරට් 24 ක රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 145,000ක් ලෙසයි.

එසේම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 134,000ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මෙම මස ආරම්භයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 184,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 170,000 ක් ලෙස සටහන්ව තිබුණා.

ඒ අනුව කැරට් 24ක රන් පවුමක් ගත වූ දින 9 තුළ රුපියල් 39,000කින් අඩු වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...