29 C
Colombo
Sunday, May 5, 2024

ශ්‍රී ලංකාවේ අවසන් මහා තරඟ බලාපොරොත්තු සුන් වෙයි

- Advertisement -

කඩුලු දෙකකින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රාහී 285 වැනි ලකුණ ලබා ගනිමින්.

වර්ෂාව හේතුවෙන් දිනයේ පළමු අර්ධය මුලුමනින්ම අහිමි වූ දිනය තුල යැවීමට නියමිත අවම පන්දු වාර ගණන 70ක් වුණා.

ඒ වන විට නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියේ ජයග්‍රහණයට ලකුණු 257ක් පිටුපසින් සිටිමින්.

සිව්වන කඩුල්ලට ලකුණු 147ක සබඳතාවක් ගොඩනැගූ විලියම්සන් සහ මිචෙල් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඈතට රැගෙන ගියා.

ලකුණු 81 ලබා සිටි මිචෙල් දවා ගනිමින් යලි තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තීරණය විසදීම අවසන් පන්දුව තෙක් රැගන ආවා.

නමුත් කේන් විලියම්සන් නවසීලන්තයේ නැංඟුරම වෙමින් පිටියේ රැදී සි⁣ටියේ ජයග්‍රහණය පහසුවෙන් අත්හරින්නට නොවේ.

ඔහු ඒ අතර තුර සිය 26 වැනි ටෙස්ට් ශතකය ද සම්පූර්ණ කර ගත්තා.

නවසීලන්තයට කඩුලු තුනක් අතැතිව අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් අවශ්‍යව තිබුණා.

පන්දුව බාර කෙරුණේ අසිත ප්‍රනාන්දු වෙතයි.

තුන්වන පන්දුවේදී මැට් හෙන්රි දුවද්දී දැවී ගියේ අවසන් පන්දු තුනට කඩුලු දෙකක් අතැතිව ලකුණු 5ක ඉලක්කයක් ලබා දෙමින්.

අසිත ප්‍රනාන්දු පිට ඉන්නෙන් ඉවතට යොමු කළ සිව්වැනි පන්දුව පොයින්ට් දෙසින් හතරේ සීමාවට යොමු කළ විලියම්සන් තරගයේ ලකුණු සම කළා.

පස්වැනි පන්දුව නිලකුණු පන්දුවක් ලෙස සටහන් වුණා.

අවසන් පන්දුව පිත්තේ දවටා ගැනීමට විලියම්සන් අසමත් වුණත් කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අත⁣ට පන්දුව යන අතරවාරයේ ජයග්‍රාහී ලකුණ වෙනුවෙන් ඔහු දිවගියා.

දික්වැල්ල විසි කළ පන්දුව පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ලේ කෙලින්ම දැවටුණත් විලියම්සන් ඒ වනවිට සිය සීමාවට පැමිණ සිටියා.

ඒ අනුව ටෙස්ට් පිටියේ තවත් වර්ණවත් තරගයක උණුසුම ප්‍රේක්ෂකයන්ට විඳින්නට ඉඩ සලසමින් විලියම්සන් පෙරටු කරගත් කිවියෝ ජයග්‍රහණයේ සතුට සැමරුවා.

ඒත් සමගින් ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි වූ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද අවසන් වන තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාවට අවස්ථාව හිමිවනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...