29 C
Colombo
Thursday, May 2, 2024

වසර දෙකකට පසු මැතිව්ස් එක්දින සංචිතයට – කුසල් ජනිත් T20 සංචිතයට කැඳවයි

- Advertisement -

ඇන්ජලෝ මැතිව්ස් වසර දෙකකට වැඩි කාලයකට පසු ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් කර ඇති අතර කුසල්  ජනිත් පෙරේරා වසරකට වැඩි කාලයකට පසු පළමුවරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට එක් වීමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින සහ T20 තරගාවලිය සඳහා තෝරාගෙන ඇති සංචිතයට ඔවුන් දෙදෙනා ඇතුලත් වීමත් සමගින්.

ලසිත් කෘෘස්පුල්ලේ සහ සහන් ආරච්චිගේ යන නවක ක්‍රීඩකයින් දෙදෙනා නවසීලන්ත T20 සංචිතයට කැඳවා ඇති අතර නුවනිඳු ප්‍රනාන්දු පළමුවරට ජාත්‍යන්තර T20 තරග වරම් හිමිකරගෙන සිටිනවා.

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ් පතිරණ බොහෝ විට සිය මංගල එක්දින තරගයට නවසීලන්තයේ දී එක් වනු ඇති.

පසුගියදා පැවති ඉන්දීය සංචාරයට ඇතුලත් වූ අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, නුවන් තුෂාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

උරහිසේ ආබාධය සුවය ලැබීමෙන් මාස 16 කට පසු වැඩි වශයෙන් ක්‍රීඩා කර නොතිබුණද කුසල් පෙරේරා  නැවත කැඳවීම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය ඉලක්ක කිරීමක් විය හැකියි.

කෙසේ වෙතත්  ඔහුගේ කාර්ය භාරය කළමනාකරණය කිරීම සඳහා ඔහු දැනට විස්සයි20 සංචිතයට පමණක් ඇතුලත් ව සිටිනවා.

2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව මැතිව්ස් සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා එක් වී නැහැ.

ඔහුගේ ආසන්තම සීමිත පන්දුවාර අත්දැකීම වූයේ ශ්‍රී ලංකා A වෙනුවෙන් එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව  අර්ධ ශතකයක් ද රැස් කළ තරග දෙකයි.

ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඔහු කලම්බු ස්ටාර්ස් වෙනුවෙන් ලකුණු 201ක් ලබා ගත්තේ 40.20ක සාමාන්‍යයක් රඳවා ගනිමින්.

පිතිකරුවෙක් ලෙස සංචිතයට ඇතුලත් වන නවක ක්‍රීඩක ලසිත් කෘෘස්පුල්ලේ එංගලන්ත ලයන්ස් පිළට එරෙහිව ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ලබා ගත්තා.

සහන් ආරච්චිගේ එංගලන්ත ලයන්ස් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.

නුවනිඳු ලයන්ස් පිළට එරෙහිව තරග දෙකකදී අර්ධ ශතක ලබා ගත් අතර ඉන්දියාවට එරෙහිව ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.

කෘෘස්පුල්ලේ සහ නුවනිදු T20 සංචිතයට ඇතුළත් වන අතර ආරච්චිගේ එක්දින තරගාවලියට ක්‍රීඩා කරනු ඇති.

එක්දින හා T20 සංචිත දෙකෙහිම නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානකට හිමිව තිබෙනවා.

වේග පන්දු යවන කරුණාරත්න, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන් සහ පතිරණ  සංචිත දෙකටම ඇතුළත්ය.

දුෂ්මන්ත චමීර මුලින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, ඔහුගේ වම් වළලුකර සැත්කමෙන් පසු තවමත් චමීර පුනරුත්ථාපනය වෙමින් සිටින බවයි තේරීම් කමිටුව පවසන්නේ.‍

T20 කණ්ඩායමේ චමීරගේ ස්ථානය මධුෂාන් ලබාගෙන ඇති අතර පතිරණ ඔහු වෙනුවට එක්දින සංචිතයට ඇතුළත් කර සිටිනවා.

යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමගින් වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුළත් වෙද්දී  නවසීලන්තයේ දී ශ්‍රී ලංකාවට අමතර දඟ පන්දු විකල්පයක් අවශ්‍ය නොවීම හේතුවෙන් වැන්ඩර්සේට තරග සංචාරය අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර එක්දින  තරග 3ක් සහ T20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

T20 සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රැකීම), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, කුසල් ජනිත් පෙරේරා, ලසිත් කෲස්පුල්ලේ, සධීර සමරවික්‍රම, නුවනිදු ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ලහිරු කුමාර, ඩිල්ෂාන් මධුශංක, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, ප්‍රමෝද් මධුෂාන්.

එක්දින සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, නුවනිදු ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (කඩුලු රැකීම), ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මධුශංක, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...