රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හට ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court) මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ යුක්‍රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව අධිකරණය විසින් පුටින්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.