31 C
Colombo
Saturday, May 4, 2024

මියගිය අයගේ නමට සිම් කාඩ්පත් නිකුත් කිරීම තහනම් කෙරේ

- Advertisement -

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා මහත්මිය කියා සිටියේ මියගිය පුද්ගලයන්ගේ නම් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සහ ඔවුන් භාවිත කළ දුරකථන අංකවල ලැයිස්තුවක් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මසකට වරක් ලබා ගන්න බවයි.

යම් පුද්ගලයෙක් මියගිය පසු අදාළ ජංගම දුරකථන අංකය විසන්ධි කරන ලෙසද එම සභාව දුරකථන සමාගම්වලට දැනුම් දී තිබෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකයට සිම්පත් නිකුත් කිරීමද දුරකථන සේවා සපයන සමාගම්වලට දැනුම් දී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...