30 C
Colombo
Sunday, May 5, 2024

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

- Advertisement -

පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා මඩකලපුව මීනගයා දුම්රියේ දරුවකු අතහැර යාමේ සිදුවීම සම්බන්ධයෙන් එම දරුවාගේ මම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ආකාරය වීඩියෝ දර්ශන ප්‍රධාන පෙළේ සියලු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

බණ්ඩාරවෙල පොලිසිය විසින් මෙම දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට ලබා දී තිබුණා.

සැකකරුවකුගෙන් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් එම සැකකරු අපහසුතාවයට පත්වන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ.

ඊට අමතරව පොලිස් ඉදිරි මෙහෙයුම්වලට බාධාවක් වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

තවද පොලීසිය මඟින් සිදුකරන වැටලීම් සඳහා මාධ්‍ය කණ්ඩායම රැගෙන යාම නවතන ලෙස පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...