28 C
Colombo
Friday, May 3, 2024

ප්‍රංශයත් ටික්ටොක් තහනම් කරයි

- Advertisement -

ප්‍රමාණවත් දත්ත ආරක්ෂණ ක්‍රමවේදයක් හා සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රංශය රජයේ සේවකයින්ගේ දුරකථනවල TikTok, Twitter, Instagram තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.

එරට සිවිල් සේවා අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අදාළ තහනම පිළිබදව නිවේදනය කර තිබුණා.

පසුගිය සති කිහිපය පුරා ධවල මන්දිරය, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව, ලන්දේසි සහ බෙල්ජියම් පරිපාලනය, නවසීලන්ත පාර්ලිමේන්තුව සහ කැනඩාව, ඉන්දියාව, පකිස්ථානය, තායිවානය සහ ජෝර්දානය යන රජයන් සහ ආයතන මාලාවක් TikTok තහනම් කරනු ලැබූවා.

එයට ප්‍රධානම හේතුව වූයේ TikTok මගින් රැස් කරන ලද පරිශීලක දත්ත වෙත චීන රජයට ප්‍රවේශ විය හැකි බවට එක්සත් ජනපද නීති සම්පාදකයින් සහ ජාතික ආරක්ෂක නිලධාරීන් පැවසීමත් සමඟයි.

මීට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී FBI හි අධ්‍යක්ෂ Christopher Wray ප්‍රකාශ කර තිබුණේ TikTok සමාජ මාධ්‍ය ජාතික ආරක්ෂක අවදානම් මතු කරන බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් කියා සිටියේ, ටික්ටොක් තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට එක්සත් ජනපදය තවමත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවයි.

TikTok යෙදවුම චීන මවු සමාගමක් වන ByteDanceට අයත්වනවා.

2017 දී චීනය විසින් පනවන ලද නීතියක් මගින් රටේ ජාතික ආරක්ෂාවට අදාළ ඕනෑම පුද්ගලික දත්තයක් රජයට ලබා ගත හැකියි.

TikTok එවැනි දත්ත ලබාදී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති වුවත් එය එකතු කර ඇති පරිශීලක දත්ත ප්‍රමාණය විශාලවන බැවින් බිය සැක ඇතිවෙමින් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් චීනය ප්‍රකාශ කර තිබුණේ වොෂින්ටනය වැරදි තොරතුරු පතුරුවා හරිමින් TikTok මර්දනය කරන බවයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...