30 C
Colombo
Saturday, May 4, 2024

අනාගත ලෝකයට සුබ ලකුණු ගෙනා G20 විදේශ අමාත්‍ය සමුලුව

- Advertisement -

ඉන්දියාවට G20 සභාපති ධුරය හිමි වීම සම්බන්ධයෙන් ලෝක නායකයින් පසුගිය කාලයේ මහත් ප්‍රසාදයෙන් කතා කළේ ඒ හරහා “ලෝකය වෙනස් කිරීමට” ඉන්දියාව පෙරමුණ ගනුු ඇති බවට වන විශ්වාසයද සමගිනි.
විශේෂයෙන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සෘජු ප්‍රතිපත්තිය මෙන්ම යුද්ධය සමග වර්ධනය වූ භූ දේශපාලනික වාතාවරණය කලමනාකාරණය කර ගත් ආකාරය අවස්ථා ගණනාවකදී ලෝක නායකයින්ගේ පැසසුමට ලක් වුණා.
එවන් පසුබිමක G20 රටවල විදේශ අමාත්‍යවරු නවදිල්ලියට රැස්වූණේ ලෝකයට නව අපේක්ෂා දල්වාලමින්
සංවර්ධනය වෙමින් පවතින රටවල සහ ගෝලීය දකුණේ ගැටලු මෙන්ම G20 රටවල් ඇතුළු ගෝලීය ආනයනයට බලපාන ත්‍රස්තවාදය හා විශ්වසනීය සැපයුම් දාම මෙන්ම තවත් ගැටළු ගණනාවකට සාර්ථක විසඳුම් යෝජනාවලියක් සමගින් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අවසන් වුණා.

G20 රටවල් ත්‍රස්තවාදය එහි සියලු ආකාරවලින් සහ ප්‍රකාශනවලින් හෙළා දුටු අතර ත්‍රස්තවාදී අරමුණු සඳහා නව සහ නැගී එන තාක්ෂණයන් අනිසි ලෙස භාවිතා කිරීමේ වර්ධනය වන තර්ජනය සැලකිල්ලට ගෙන තිබුණා.
මෙම රැස්වීමට ජාත්‍යන්තර සංවිධාන 13ක් ඇතුළුව සමස්ත නියෝජිතයන් 40ක් සහභාගි වූණා.
විදේශ අමාත්‍යවරුන්ගේ මට්ටමින් ආරාධිත රටවල් ලෙස බංග්ලාදේශය, ඊජිප්තුව, මොරිෂස්, නෙදර්ලන්තය, නයිජීරියාව, ඕමානය, සිංගප්පූරුව, ස්පාඤ්ඤය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමුලුව නියෝජනය කළා.

“වසුධෛව පවුලකම්” – ‘එක් පෘථිවිය. එක පවුලක්. එක් අනාගතයක්’ යන තේමාවෙන් දිල්ලියේ පැවති G20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඕනෑම G20 සභාපතීත්වයක් යටතේ පවත්වන ලද එවැනි විශාලතම රැස්වීම්වලින් එකක් ලෙසද සැලකෙනවා.
විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අවසානයේ පැවසුවේ පොහොර ඇතුළු ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන යන දෙකෙහිම සැපයුම් දාම විශ්වාසදායක, විවෘත සහ විනිවිදභාවයෙන් තබා ගත යුතු බවයි.
තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs), දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ ජෛව විවිධත්ව හායනය, ආර්ථික මන්දගාමිත්වය, ණය සඳහා ප්‍රමාණවත් ප්‍රගතියක් නොමැතිකම වැනි බහු-මාන අභියෝගවලට ලෝකය මුහුණ දෙන මොහොතක G20 විදේශ අමාත්‍යවරුන් නවදිල්ලියේදී රැස්වුණා.

වර්ධනය වන දරිද්‍රතාවය සහ අසමානතාවය, ආහාර සහ බලශක්ති අනාරක්ෂිතභාවය සහ ගෝලීය සැපයුම් දාම කඩාකප්පල් කිරීම්, භූ-දේශපාලන ආතතීන් සහ ගැටුම් මගින් උග්‍ර වනවා.
“G20 විදේශ අමාත්‍යවරු වත්මන් ගෝලීය අභියෝග පිළිබඳව සාකච්ඡා කළා. ඔවුන් බහුපාර්ශ්විකත්වය, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව, කෙරෙහි අවධානය යොමු කළා. ඊට අමතරව අවධානය යොමු කරුණු අතර පාරිසරික ක්‍රියාමාර්ග, තිරසාර සංවර්ධනය පිළිබඳ ගැඹුරු සහයෝගීතාව, ත්‍රස්තවාදයට එරෙහි වීම, මත්ද්‍රව්‍ය මැඩලීම, ගෝලීය සෞඛ්‍ය, ගෝලීය කුසලතා සංචිතය, මානුෂීය ආධාර සහ ආපදා අවදානම අවම කිරීම මෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම, ගැනද සාකච්ඡා කෙරුණා.” විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අවසානයේ නිකුත් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වෙනවා.
ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය, විජිතකරණය, ජන විකාශන ලාභාංශ, තාක්ෂණික ජයග්‍රහණ, නව ආර්ථික බලවතුන් බිහිවීම සහ ගැඹුරු ජාත්‍යන්තර සහයෝගීතාවය හේතුවෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීය පිළිවෙල බොහෝ වෙනස්කම් වලට භාජනය වී ඇති බව එහි සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමස්ත සාමාජිකත්වයට ප්‍රතිචාර දැක්විය යුතු අතර, එහි ප්‍රඥප්තියේ ආරම්භක අරමුණු සහ මූලධර්මවලට විශ්වාසවන්ත විය යුතු අතර එහි වරම ක්‍රියාත්මක කිරීමට අනුගත විය යුතු අතර 21 වැනි සියවසේ සමකාලීන ගෝලීය අභියෝගවලට ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය කිරීමට සහ ගෝලීය පාලනය වඩාත් නියෝජිත, ඵලදායි, විනිවිදභාවයෙන් සහ වගවීම සඳහා ප්‍රමාණවත් ලෙස බහුපාර්ශ්විකත්වය පුනර්ජීවනය කිරීමේ අවශ්‍යතාවය බහුවිධ වේදිකාවල දී ප්‍රකාශ කර ඇති බව G20 විදේශ අමාත්‍යවරු පවසා තිබෙනවා.
“මෙම සන්දර්භය තුළ, 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් සියලු පාර්ශ්ය ඇතුලත් සහ ප්‍රබෝධමත් බහුපාර්ශ්විකත්වයක් සහ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වනවා. 2023 සැප්තැම්බර් මාසයේ SDG සමුළුවේ සාර්ථකත්වය සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපි උත්සාහයන් වේගවත් කරන්නෙමු, කලාපීය හවුල්කරුවන් අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට සහාය වෙමු, ” ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන්.

ලෝක වෙළඳ සංවිධානය එහි හරය වන නීති මත පදනම් වූ, වෙනස් කොට සැලකීමකින් තොරව, නිදහස්, සාධාරණ, විවෘත, තිරසාර සහ විනිවිද පෙනෙන බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ඉදිරියට යාමට අත්‍යවශ්‍ය බව නායකයින් නැවත තහවුරු කළ බාලි හි රැස්වූ G20 නායකයින්ගේ ප්‍රකාශය විදේශ අමාත්‍යවරු මෙහිදී සිහිපත් කළා.
විවෘත හා අන්තර් සම්බන්ධිත ලෝකයක අන්තර්ගත වර්ධනය, නවෝත්පාදනය, රැකියා උත්පාදනය සහ තිරසාර සංවර්ධනය මෙන්ම Covid-19 සහ ගෝලීය සැපයුම් දාම කඩාකප්පල් වීම හේතුවෙන් ආතතියට ලක්ව ඇති ගෝලීය ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රකෘතිමත් වීම G20 රටවල අරමුණ බව මෙහිදී අවධාරණය කෙරුණා.
වර්තමාන ගැටුම් සහ ආතතීන් විසින් උග්‍ර කර ඇති ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට ඇති අභියෝග පිළිබඳව G20 රටවල් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ අමාත්‍යවරු පැවසුවා.

“කුසගින්න සහ මන්දපෝෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව, ප්‍රවේශ්‍යතාව, දැරිය හැකි මිල, තිරසාරභාවය, සාධාරණත්වය සහ විනිවිදභාවය ප්‍රවාහය ප්‍රවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයකි. සංවර්ධනය වෙමින් පවතින රටවල දුර්වලතා විසඳීම සඳහා කාර්යක්ෂම, තිරසාර, සහ ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය සහ ආහාර පද්ධති ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය වේ.

කෘෂි ජෛව විවිධත්වය, ආහාර අහිමි වීම සහ නාස්තිය අවම කිරීම, පාංශු සෞඛ්‍යය, දේශගුණයට ඔරොත්තු දෙන සහ තිරසාර කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම, දේශීය, කලාපීය සහ ජාත්‍යන්තර වෙළඳපල සම්බන්ධ කිරීම සහ කෘෂිකාර්මික වෙළඳපල තොරතුරු පද්ධතිය (AMIS) ශක්තිමත් කිරීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ප්‍රවර්ධනය කිරීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි කිරීම සඳහා සහාය අවශ්‍ය වන බව විදේශ අමාත්‍ය සමුලුවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

බලශක්ති සුරක්‍ෂිතතාවය ගැන සඳහන් කරමින්, විදේශ අමාත්‍යවරු, සැමට දැරිය හැකි, විශ්වාසදායක සහ තිරසාර බලශක්ති ප්‍රවේශය සහතික කිරීම සඳහා බාධාවකින් තොරව, තිරසාර සහ ඔරොත්තු දෙන සැපයුම් දාමයන් වැදගත් බවයි.
දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය සම්බන්ධයෙන්, විදේශ අමාත්‍යවරු UNFCCC හි පරමාර්ථය හඹා යෑම සඳහා, පැරිස් ගිවිසුම පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ එහි උෂ්ණත්ව ඉලක්කය, සමානාත්මතාවය සහ මූලධර්මය පිළිබිඹු කරමින් දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ නායකයින්ගේ ස්ථීර කැපවීම් නැවත තහවුරු කළා.

අනාගත වසංගතවල තර්ජනය ඉතා ඉහළ බවත් සෞඛ්‍ය හදිසි අවස්ථා වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාරය සඳහා අවශ්‍ය බහු-ආංශික ක්‍රියාමාර්ග ආයතනගත කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට G20 රටවල් සාමූහිකව කටයුතු කළ යුතු බවත් විදේශ අමාත්‍යවරු එකඟ වී තිබෙනවා.
සමස්ත ලෝකයේම තිරසරභාවය සඳහා සෘජුවම බලපාන මෙවැනි එකඟතා රැසකට පැමිණීමට හැකිවීම නවදිල්ලියේ පැවති G20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ වැදගත්කමයි.
එය ඉන්දියාවට එහි සභාපතීත්වය පිරිනැමීමේ දී අපේක්ෂා කළ අයුරින්ම සාක්ෂාත් වෙමින් පැවතීම යහපත් අනාගතයක් පිළිබඳ සුබ ලකුණු වනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...