28 C
Colombo
Sunday, May 5, 2024

මුම්බායි කාන්තාවන් පළමු ප්‍රීමියර් ලීග් ශූරියන් වෙයි

- Advertisement -

පළමුවරට පැවති කාන්තා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ පැවති අවසන් මහා තරගයේදී දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කාන්තා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 131ක් ලබා ගත්තා.

එක් අවස්ථාවක ලකුණු 79කට කඩුලු 9ක් බිඳ වැටී තිබූ ඉනිම ශිකා පාන්ඩේ සහ රාධා යාදෙව් එක්ව ගෞරවනීය තැනකට රැගෙන ආවේ නොදැවී ලකුණු 27 බැගින් ලබා ගනිමින්.

නායිකා මෙග් ලැනින් ලකුණු 35යි.

පන්දු යැවීමේදී හේලි මැතිව්ස් ලකුණු 5කට කඩුලු 3ක් දවා ගත් අතර ඉසි වොන්ග් ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දු 3ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

කෙසේ වෙතත් තරගය ජය ගැනීමට ඔවුන්ට අවසන් පන්දුවාර දෙකේ දී ලකුණු 21ක් අවශ්‍ය වුණා.

ජෙස් ජොනසන් ක්‍රියාත්මක කළ 18 වැනි පන්දු වාරයේදී ලකුණු 16ක් උදුරා ගන්නට නැට් සිවර් සහ ඇමිලියර් කර් සමත් වුණා.

ඒ අනුව අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණේ ලකුණු 5ක් පමණයි.

ඇලස් කෙප්සිගේ පළමු පන්දුවට කර් ලකුණක් ලබා ගත් අතර දෙවැනි පන්දුවේදී තවත් ලකුණු 2කට කඩුලු අතර වේගයෙන් දිව යන්නට කර් සහ සිවර් සමත් වුණා.

තුන්වැනි පන්දුව ස්කූප් කිරීමකින් කඩුලු රකින්නියගේ හිසට ඉහළින් හතරේ සීමාවට යොමු කළ සිවර් මුම්බායි කණ්ඩායම කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ශූරියන් බවට අභිෂේක ගන්වනු ලැබුවා.

සුපිරි පිතිහරඹයක නිරත වූ නැට් සිවර් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...