29 C
Colombo
Sunday, May 5, 2024

චීනය වැඳුම් පිදුම් සඳහා ඇප් එකක් අනිවාර්ය කරයි

- Advertisement -

හෙනන් පළාතේ චීන බලධාරීන් වන්දනා මාන කිරීම සඳහා ‘ස්මාර්ට් රිලිජන්’(Smart Religion) යෙදුමේ ලියාපදිංචි වන ලෙස ජනතාවට බල කරන බව ෆොක්ස් නිව්ස් වාර්තා කරයි.

හෙනාන් යනු චීනයේ වඩාත් ක්‍රියාශීලී ක්‍රිස්තියානි ප්‍රජාවක් වාසය කරන කලාපයකි.

චීනයේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන ChinaAid ට අනුව, හෙනාන්හි සිටින පුද්ගලයන් ආගමික ස්ථානවලට යෑමට පෙර රජයේ පෝරමය පුරවා ඔවුන්ගේ නමස්කාර ස්ථානය තහවුරු කළ යුතුය.

“අයදුම්කරුවන් සිය ස්ථානය වෙන්කරවා ගැනීමට පෙර නම, දුරකථන අංකය, හැඳුනුම්පත අංකය, ස්ථිර පදිංචිය, රැකියාව සහ උපන් දිනය ඇතුළු පුද්ගලික තොරතුරු ලබාදිය යුතුය,” යැයි එම කණ්ඩායම අනාවරණය කර ඇත.

“පල්ලියට ඇතුළු වීමට අවසර දී ඇති අය ඔවුන්ගේ උෂ්ණත්වය පරික්ෂා කරවා ගෙන වෙන්කරවා ගැනීමේ කේතයක් පෙන්විය යුතුය,” යැයි ඔවුන් තවදුරටත් පෙන්වාදෙයි.

නමස්කාර කිරීමට අපේක්ෂා කරන සියලුම පුරවැසියන් සඳහා මෙම නියාමන පද්ධතිය අවශ්‍ය වේ.

පුරවැසියන්ට පල්ලියක්, බෞද්ධ විහාරස්ථානයක්, මුස්ලිම් පල්ලියක් සහ වෙනත් ස්ථානයක් තෝරා ගැනීමට අවසර හිමිවේ.

Smart Religion යෙදුම හෙනාන් පළාතේ ජනවාර්ගික හා ආගමික කටයුතු කොමිෂන් සභාව විසින් සංවර්ධනය කරන ලද බව ෆොක්ස් නිව්ස් වැඩිදුරටත් වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...