28 C
Colombo
Friday, May 3, 2024

ඉන්දියාවේ ඩිජිටල්කරණයෙන් පකිස්තනුවෝ පුදුම වෙති

- Advertisement -

පාකිස්තානයේ ප්‍රකට විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙක් වන උසායිර් යූනුස් (Uzair Younus) ඉන්දියාවේ ඩිජිටල්කරණය පිළිබඳ සුවිශේෂි සහතිකයක් ලබා දී ඇත.

මෑතකදී තමන් ඉන්දියාවේ කළ සංචාරය දැනුණේ “අනාගතයට” පියවර තැබීමක් ලෙස බව ‘The Pakistan Experience’ නම් පෞද්ගලික යූ ටියුබ් නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් යූනුස් පවසා ඇත.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ “දේශපාලනය වෙනුවෙන් වෛරයේ බොරුවෙන්” පාකිස්තානුවන් පෝෂණය කෙරෙන බවයි.

කුඩා පාන් අළෙවිසැලක පවා QR කේතයක් ස්කෑන් කිරීමේ පහසුකම් ඇතිබව දැකීමෙන් තමන් විස්මයට පත් වූ බව ඔහු පෙන්වාදී ඇත.

පාකිස්ථානයේ 5G ජාලයක්වත් නොමැති බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

ඉන්දියාවේ ඉතා දුෂ්කර ගම්මානවල වෙසෙන අඩු ආදායම්ලාභීන්ට පවා රජයෙන් ලැබෙන සහනාධාර ඩිජිටල්කරණය කර ඇති බව පෙන්වා දුන් යූනුස් ඒ හරහා දූෂණය අවම කර ඇති බව ද පෙන්වා දුන්නේය.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...