29 C
Colombo
Sunday, May 5, 2024

බස්නාහිර පළාතේ ඇතැම් වෛද්‍යවරුන්ට මාස 09ක් තිස්සේ වැටුප් නෑ

- Advertisement -

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය යටතේ රෝහල් සහ සෞඛ්‍ය සේවා ආයතන යටතේ සේවය කරන ඇතැම් වෛද්‍යවරුන්ට මාස 9ක වැනි කාලයක් පුරාවට වැටුප් ගෙවා නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

පළාතට අනුමත වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව ඉක්මවා ඇති බැවින් අමතර වෛද්‍යවරුන්ට වැටුප් ගෙවීමට නොහැකි යැයි ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන ලේකම්වරයා විසින් සඳහන් කර ඇති බව එම සංගමය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්.

එහෙත් එම වෛද්‍යවරුන් පළාතේ සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමට සාපේක්ෂව රාජ්‍යසේවා කොමිසමේ පත්වීම් ලද පිරිසක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඔවුන් අනතුරු හඟවන්නේ ඉදිරි සති කිහිපය තුල මෙම තත්වය නිවැරදි කිරීමට අපොහොසත් වුවහොත් බස්නාහිර පළාත් සභාවට වෛද්‍යවරුන් අනියුක්ත කිරීමේ ක්‍රියාවලියට සහය නොදැක්වීමට සිදුවනු ඇති බවයි.

මාස ගණනාවක් පුරාවට දිග්ගැස්සෙමින් පවතින මෙම ගැටළුව පිළිබඳව මීට කලකට පෙර අදහස් දක්වමින් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය පවසා සිටියේ බස්නාහිර පළාතේ අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 189ක් වුවද මේ වනවිට විශේෂඥ වෛද්‍යවරු සහ වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් 235 දෙනකු සේවය කරනු ලබන බවත් මේ හේතුවෙන් අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා බස්නාහිර පළාතේ විශේෂඥ වෛද්‍යවරු 45දෙනකු සිටින බැවින් කළමනාකරණ සේවා චක්‍රලේඛ 03/2018 අනුව වැටුප් ගෙවීමේ හැකියාවක් නොමැති නමුත් පළාත් සභාවෙන් මෙම වැටුප් ගෙවන ලෙසට මධ්‍යම ආණ්ඩුවෙන් දැනුම්දී ඇති බවයි.

ඉන්පසු එම මුදල පළාත් සභාවට මධ්‍යම ආණ්ඩුවෙන් ප්‍රතිපූර්ණය කරන බවටද දැනුම්දී ඇති බවත් ඒ අනුව මේ වනවිට අදාළ වැටුප් ගෙවීම සම්බන්ධව අවශ්‍ය වැඩ කටයුතු සියයට 99ක ප්‍රමාණයක් කර අවසන් බවත් එම කාර්‍යාලය විසින් කලකට පෙර දැනුම් දුන් නමුත් මේ වනතෙක් එම ගැටළුව විසඳී නොමැති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...