29 C
Colombo
Friday, May 3, 2024

ඛලිස්තාන ත්‍රස්තවාදය ඇමෙරිකාව හෙළාදකි

- Advertisement -

දේශපාලන හෝ වෙනත් ආකාරයකින් සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වයට යොමු වන පුද්ගලයන් ඇතුළුව සියලු ආකාරයේ ත්‍රස්තවාදය හෙළා දකින බවඑක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසීය.

ඔහු මේ අදහස් පල කළේ 1985 දී එයාර් ඉන්දියා ගුවන් යානයට බෝම්බ හෙලීමට වගකිව යුතු උතුරු ඇමරිකාවේ ක්‍රියාකාරීව සිටින ඛලිස්තානි ක්‍රියාකාරීන් පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විමසූ අවස්ථවේදීය.

මෑතකදී ඕස්ට්‍රේලියාවේ කෝවිල් විනාශ කිරීම පිටුපස ඛලිස්තාන ආධාරකරුවන් සිටින බවට සැක මතුවීම හේතුවෙන් බෙදුම්වාදී සංවිධානයේ ක්‍රියාකාරකම් යළි ඉහළ යනු ඇතැයි බියක් පවතී.

පසුගිය පෙබරවාරි 21 වෙනිදා රාත්‍රියේ බ්‍රිස්බේන් හි ඉන්දීය කොන්සල් කාර්යාලය විනාශ කිරීම සම්බන්ධයෙන්ද ඛලිස්තාන ආධාරකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

මාර්තු 6-7 දිනවල පැවති එක්සත් ජනපද-පකිස්තාන ත්‍රස්ත විරෝධී සංවාදය පිළිබඳ මාධ්‍ය විමසුමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයා පැවසුවේ, “මෙම සංවාදය ආරක්ෂක සබඳතාවයක් සඳහා අපගේ හවුල් කැපවීම පිළිබඳ සාක්ෂියක් වන අතර කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වයට තර්ජනයක් වන සියලුම ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව අපට එකට ගත හැකි පියවර පිළිබඳව අවංක සාකච්ඡාවක් සඳහා අවස්ථාවක්. ” බවයි.

මීට පෙර, නිකුත් කෙරුණු එක්සත් ජනපද බුද්ධි වාර්තාවකින් කියැවුණේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ, ඉන්දියාව පාකිස්තාන ත්‍රස්තවාදීන්ට මිලිටරි බලයෙන් ප්‍රතිචාර දැක්වීමට අතීතයට වඩා වැඩි ඉඩක් ඇති බවයි

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...