26 C
Colombo
Thursday, May 9, 2024

අත්අඩංගුවට ගත් සැකකරු මුදා ගන්න ආ පිරිස විසුරුවන්න පොලිසියෙන් අහසට වෙඩි

- Advertisement -

කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීමට තැත්කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී පොලීසිය කටයුතු කර තිබෙනවා.

කොල්ලනාව සිංහපුර ක්‍රීඩාංගණය ප්‍රදේශයේ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි අයෙක් අත තිබූ යමක් විසි කරන අයුරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දැක ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ ගම්වාසීන් පොලිස් ජීප් රථය වටකර සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීම සඳහා උත්සහ කිරීමේදී අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් කිසිඳු පුද්ගලයෙකුට හෝ දේපළවලට කිසිඳු හානියක් වී නොමැති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 44ක පුද්ගලයෙකි.

RECENT ARTICLES - SINHALA

වැසිකිලියට යන බව පවසා සිරකරු පැන ගිහින්

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙසේ පලාගොස් ඇත්තේ වද්දුව, දෙල්දුව,...

දේශපාලකයන්ට සංවර්ධන වැඩ තහනම් වන ලකුණු

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා තිබෙන...

කුලි හමුදා ජාවාමේ යෙදුන හමුදාවේ දෙදෙනෙක් මාට්ටු

රුසියානු-යුක්රේන් යුද්ධය සදහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් කුලී හේවායන් ලෙස එරටට යවා මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු බව පැවසෙන හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ ඔහුට...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...