32 C
Colombo
Saturday, May 4, 2024

බෝට්ටුවෙන් මෙරටට ආ ප්‍රංශ ජාතිකයින් 4 ක් අත්අඩංගුවට

- Advertisement -

ආගමන විගමන පණත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරය ඔස්සේ වැලිගම මිරිස්ස මුහුදු තීරයට ඇතුළු වූ රුවල සහිත යාත්‍රාවක් සමග ප්‍රංශ ජාතිකයන් හතරදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කපිතාන්වරයා, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කපිතාන්වරයාගේ බිරිඳ ඒ අතර වන බව සඳහන්.

දින 07 කට පෙර ප්‍රංශයේ සිට පැමිණ ඇති මොවුන් යාත්‍රාවේ ඉන්ධන අවසන් වී ඇතැයි සඳහන් කරමින් ඉන්ධන ලබාගැනීමේ අරමුණින් වැලිගම මිරිස්ස ධීවර වරාය වෙත ගමන් කර තිබෙනවා.

එහිදී මිරිස්ස වෙරළාරක්ෂක බලකා කඳවුරේ නිලධාරීන් විසින් වයස අවුරුදු 67ත් 80ත් අතර වන මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදේශිකයන් ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීම නීති විරෝධී වන අතර මෙම පිරිස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...