28 C
Colombo
Friday, May 3, 2024

ශානිගේ සෞඛ්‍ය සේවා කප්පාදු කිරීමේ තැතක්

- Advertisement -

හෘදය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයක් කිරීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඉහළ දේශපාලන නියෝගයක් මත බන්ධනාගාර රෝහලට මාරු කිරීමේ සූදානමක් ඇතැයි ‘නිව්ස් 19’ ට වාර්තාවේ.

කොරෝනා වයිරසය වැළඳීමන් පසුව කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අබේසේකර මහතා අදාළ වෛද්‍ය පරීක්ෂණය සඳහා ජාතික රෝහලට ඇතුලත් කෙරුණේ පසුගියදාය.

ශානි අබේසේකර මහතා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසුව දිගින් දිගටම ඔහුට දේශපාලනික කාරණා මුල් කරගෙන වෙනස් ලෙස සැලකීමක් සිදුවන බවට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදාය.

එයින් පසුව මානව හිමිකම් කොමිසම විසින් අබේසේකර මහතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් ද කරනු ලැබීය.

කෙසේ වෙතත් මේ වනවිට නැවතත් දේශපාලනික වශයෙන් ඔහු ඉලක්ක කරගනිමින් යම් තීරණ ගැනීමකට සූදානමක් ඇති බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...