33 C
Colombo
Friday, May 10, 2024

FBI ප්‍රධානියෙක් නවදිල්ලියට

- Advertisement -

එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) ජාත්‍යන්තර මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ Raymond Duda, නවදිල්ලියේ නිල සංචාරයක නිරතවුණා.

එම සංචාරය ඉන්දියාවේ නීතිය බලාත්මක කිරීම සමඟ FBI සහයෝගීතාවය ඉදිරියට ගෙන යනු ඇතැයි ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය තැබූ ට්විටර් සටහනක දැක්වුණි.

ජාත්‍යන්තර අපරාධ මර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය වේ,” යැයි ට්විටර් සටහනේ වැඩිදුරටත් සටහන් කර තිබුණි.

ඩුඩා 2022 පෙබරවාරි මාසයේදී FBI හි ජාත්‍යන්තර මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා බවට පත් විය.

මේ අතර, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස නම් කරන ලද එරික් ගාර්සෙට්ටි, ඉන්දියාවට පැමිණියේය.
ඔහු එහිදී තානාපති කාර්යාලයේ සියලුම සාමාජිකයින් හමුවී තිබේ.

ගාර්සෙට්ටි ඉන්දියාවට පැමිණීමේදී, එක්සත් ජනපදයේ ඉන්දියානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ, “නමස්තේ, තානාපති – එරික් ගාර්සෙට්ටි! #IncredibleIndia වෙත ඔබව පිළිගැනීමට සහ අපගේ ශ්‍රේෂ්ඨ ජාතීන් දෙක අතර වඩාත් ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට ඔබ සමඟ වැඩ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.” යනුවෙනි.

ලොස් ඇන්ජලීස් හි හිටපු නගරාධිපති එරිස් ගාර්සෙට්ටි ඉන්දියාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස පසුගිය මාර්තු 15 වැනිදා සෙනෙට් සභාව තහවුරු කළේය.

RECENT ARTICLES - SINHALA

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්න කැමතියි – බැසිල්

රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එකතු වීමට මෙන්ම වෙන් වීමටත් කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ...

සජබයෙන් නෙරපීමට එරෙහි ඩයනාගේ පෙත්සම ගැන තීන්දුවක්

තමන්ව සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ...

කට උත්තරයක් දෙන්න කලින් හේතු කියන්න චක්‍රලේඛයක්

කට උත්තරයක් සටහන් කර ගැනීම සඳහා යම් පුද්ගලයකු පොලිසියට කැඳවන අවස්ථාවේදී එසේ කැඳවීමට හේතුව සහ පැමිණිල්ල කළ පුද්ගලයා පිළිබඳව අදාළ පාර්ශවය දැනුවත් කළ යුතු...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...