28 C
Colombo
Sunday, May 5, 2024

දුප්පතුන් නැති ලෝකය චීනයෙන්

- Advertisement -

චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස චීන ජනාධිපතිවරයා විසින් අද (25) ප්‍රකාශයට පත් කරනු ලැබූවා.

චීන ජනාධිපති ෂී ජින් පින් මහතා බීජිං නුවර පැවති උත්සවයක් අමතමින් මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

ඔහු පවසන්නේ පසුගිය වසර 8 තුළ චීනය දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය වැසියන් මිලියන 98.99 ක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බවයි.

එය පාලක කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය වෙනුවෙන් එම පක්ෂය සිය ජනතාවට ලබාදුන් ත්‍යාගයක් ලෙසයි ප්‍රකාශ වී ඇත්තේ.

එමෙන්ම 1970 දශකයේ අගභාගයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් මිලියන 770 ක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට චීනයට හැකි වී ඇති වී ඇති බවද ඔහු සදහන් කළා.

තවද ගෝලීය දරිද්‍රතා දර්ශකය පහත හෙළීම සඳහා චීනය 70% ක දායකත්වයක් දී ඇතැයි ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව රටවල් රැසක් ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන අවස්ථාවක චීනය දුප්පතුන් නොමැති රටක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් චීනයේ තත්ත්වය එසේ වද්දී ලෝකයේ බොහෝ රටවල් චීන ණය උගුලක සිරවී ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...