29 C
Colombo
Sunday, May 5, 2024

ලංකාවත් සයිබර් ලිංගික අපහරණවල තෝතැන්නක්..!

- Advertisement -

වින්ධිතයන්ගේ පිරමීඩාකාර ජාල භාවිතා කරගත් සයිබර් ලිංගික අපරාධ කොරෝනා කාලයේදී ඉහළ ගොස් ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය (සී.සී.ඩී) සඳහන් කරයි.

වින්ධිතයන් තවදුරටත් බියගන්වා ඔවුන්ගේ නෑ සිය මිතුරන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ එකතු කිරීම මෙහිදී සිදුවන්නේ යැයි ද එසේ ලබාගත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට ව්‍යාපාරික අරමුණෙන් කාමෝද්දීපන වෙබ් අඩවි සඳහා විකිණීමෙන් විශාල ධනයක් උපයන කණ්ඩායම් නිර්මාණය වී ඇතැයි ද සී.සී.ඩීයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.

කෙසේ වෙතත් අතිනවීන තාක්ෂණික උපක්‍රම අනුගමනය කිරීම නිසා මෙම අපරාධකරුවන් හඳුනාගැනීම අපහසු වී ඇති අතර ඊට පොලිස් සේවයේ තාක්ෂණික ඥානය මදකම ද බලපා ඇත.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන ආකාරයට සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය පදනම් කරගත් අපරාධ පසුගිය වසරේදී විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

ඊට අනුව 2019 දී 2662ක් වූ එවැනි සිදුවීම් පසුගිය 2020 වසරේදී 14 284 ක් දක්වා ඉහළ ගොස් ඇත.

(අංජන කොළඹගේ)

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...