28 C
Colombo
Friday, May 3, 2024

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසු සිසුවියන්ට ලිංගික අධ්‍යාපන වැඩසටහනක්

- Advertisement -

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසු සිසුවියන් ඉලක්ක කරගනිමින් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය කියා සිටියේ වයස අවුරුදු 15-18 අතර පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය දිනවල පැවැත්වූ බවයි ඇය සඳහන් කළේ.

අදාළ වැඩසටහන් මාලාව ලබන ජුනි මස සිට ඇරඹීමට යෝජනා කරගෙන ඇති බව වාර්තා වනවා.

ඇය පෙන්වා දෙන්නේ මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කිරීමෙන් දරුවන්ට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන සම්බන්ධව පවතින අවම දැනුම වර්ධනයට සෞඛ්‍ය අංශ හා අධ්‍යාපන අංශ මැදිහත් විය යුතු බවයි.

ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා ඉදිරියේදී සහාය ලබාදිය යුතුද යන්න තීරණය කිරීම සඳහා ලෝක බැංකු විශේෂ නියෝජිත කණ්ඩායම සමග කළුතර දිස්ත්‍රික්කයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඇය මේ බව සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...