33 C
Colombo
Thursday, May 2, 2024

වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී කොළඹ වරායට

- Advertisement -

සිංගප්පූරුවේ සුප්‍රකට “වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී” සමූහය කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා ගිවිසුම් ගතවී තිබෙනවා.

ඒ අනුව වන් වර්ල්ඩ් තීරු බදු රහිත සාප්පු සංකීර්ණ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීනි කෙයිරා ෂෑන් සහ කොළඹ වරාය නගර ආර්ථීක කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙන බව සඳහන් වෙනවා.

කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත වර්ග මීටර් 7,000ක තීරු බදු රහිත සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ වර්ග මීටර් 1,250ක කොටසක් වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී සමූහය විසින් සිය සාප්පු සංකීර්ණය සඳහා වෙන්කරගෙන තිබෙනවා.

නුදුරේදීම එහි ඉදිකිරීම් ආරම්භ කෙරෙන අතර වසර අවසානයට පෙර එම ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ වරාය නගර කාර්යාලය පවසනවා.

RECENT ARTICLES - SINHALA

තවත් පිරමීඩ ආයතන කිහිපයක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තවත් තහනම් පිරමිඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Beecoin App/Sunbird Foundation, Isimaga International (Pvt) Ltd, Fast Win (Pvt) Ltd, Ledger...

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනිය සහ අනුර අතර හමුවක්

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනි, එලීන් ස්ටෙනර් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද  (02) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී...

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...